gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තමන්ට කියා මේ ලෝකයේ හිටිය එකම වස්තුව අහිමි වූ බිසෝ මැණිකේ හැඬූ කඳුළින් කී කතාව

ඇයට හෙවනැල්ලකට කියා සිටියේ ඔහු පමණයි..

ඒ විතරක් නෙවෙයි, අම්මාගේ හැම ඕනෑඑපාකමක්ම ඒ පුතා නොපිරිහෙලා ඉටු කළා.. 

අධ්‍යාපනයත් හරිහැටි අවසන් නොකර, ඔහු රැකියාවක නිරත වෙන්නේත් මව රැකබලාගන්නට ඕනෑම නිසායි.. ඒත් අද ඒ මව තනිවෙලා.. ඔහු ඔහුගේ ජීවිතය ගැන තනිවම තීරණයක් අරගෙන.. මේ කියන්නේ අන්න ඒ ගැන කතාවයි..

පුතාට අවුරුදු හයක් වනවිට සැමියා මිය ගියා. ඊට පස්සේ බොහොම අමාරුවෙන් පුතා ලොකු මහත් කර ගත්තා. මම දැන් අසනීප කීහිපයකටම බෙහෙත් අර ගන්නවා.මිය ගිය පුතා තමයි මාව බෙහෙත් අරගන්න එක්ක යන්නේ. දැන් මට බෙහෙත් අරන් දෙන්න යන්න කවුරුවත් නෑයි ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගත් තරුණයාගේ මව වන 69 හැවිරිදි බිසෝ මැණිකේ නමැත්තිය ඊයේ හැඬූ කඳුළින් පැවසුවාය.

ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන තිබුණේ වරකාපොළ, තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කරමින් සිටි රඹුක්කන, කොටගම, කපුරුගම්පොළ ඊ 8/1 ලිපිනයේ පදිංචිව සිටි 32 හැවිරිදි තුසිත නුවන් අමරකෝන් නමැති අවිවාහක තරුණයෙකි. ගෙල වැලලාගෙන ඇති තරුණයා 20 වැනිදා දහවල් නි‍වසේ තිබුණු කම්බියක් ගෙන යහළු‍වකුට දීලා එන්නම් යැයි මවට කියා නි‍වසින් පිටව ගොස් තිබිණි.

පසුව එදින තරුණයා නි‍වසට පැමිණ නොතිබිණි. පෙරේදා කොටගම පොදු සුසාන භූමියේ පිහිටි ශාලාවක බාල්කයක ගෙල වැලලාගෙන සිටින අයුරු අසල්වැසියන් දැක රඹුක්කන පොලිසියට දන්වා තිබිණි. පසුව රඹුක්කන පොලිසිය කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු කෑගල්ල මහේස්ත්‍රාත් සශිකා මිතුන ආරච්චිගේ මහත්මිය අදාළ ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළාය. දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා දේහය මවට භාරදෙන ලෙස වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ දී සිදු කෙරිණි.

රඹුක්කන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිමල් තිස්ස බණ්ඩාර නිලධාරියා සාක්කි ලබා ගැනීම සිදු කළේය. එහිදී මිය ගිය තරුණයාගේ මව වන අලුත්ගම රාලලාගේ බිසෝ මැණිකේ මහත්මිය වැඩිදුරටත් පොලිසිය හමුවේ මෙසේද පැවසුවාය.

මගේ සැමියා අමරකෝන් ආරච්චිලාගේ ආරියරත්න. පුතාට අවුරුදු 6ක් වෙන කොට සැමියා මිය ගියා. පුතා රඹුක්කන, මුවපිටිය විද්‍යාලයට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා ගියා. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. මම කිව්වා තව පාරක් විභාගය කරන්න කියලා. පුතා බෑ කියා කිව්වා. ගාමන්ට් යනවා කිව්වා. දෙවැනි පාර විභාගය ලියන්න ගියේ නෑ. අවුරුදු 17ක් වනවිට රඹුක්කන පින්නවල ප්‍රදේශයේ තිබුණු ගාමන්ට් එකක රැකියාවකට අවුරුදු පහක් පමණ ආවා ගියා.

ඊට පස්සේ ඒ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් අයින් වෙලා වරකාපොළ තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක වැඩට ගියා. මාස් පතා පඩිය ගත්තාම මට ගෙනත් දෙනවා. මුදල් නාස්ති කරන්නේ නෑ. පුතාට අසනීපයක් තිබුණේ නෑ. යහළුවන් සමඟ මත්පැන් පානය කරනවා ද නැද්ද කියා මම දන්නේ නෑ. මට අසනීප ගොඩක් තිබෙනවා. මම බෙහෙත් අර ගන්නවා. බෙහෙත් ගන්න මාව පුතා එක්කරගෙන යනවා එනවා.

එදා 19 වැනිදා නිකිණිපුර පසළොස්වක පෝයදා පුතා සවස 2.10ට පමණ වැඩට ගියා. රාත්‍රියේ ගෙදර ආවා. 20 වැනිදා උදේ වැඩට ගියේ නෑ. පුතා නිතරම කඩවල් පැත්තට යනවා. 20 වැනිදා උදේ කඩවල් පැත්තට ගිහින් 10ට විතර ආපසු ගෙදරට ඇවිත් “අම්මේ මම මේ කම්බිය දීලා ඉක්මනට එන්නම්” කියා කම්බියකුයි දුරකතනයයි අරගෙන පුතා ගියා. පැයක් විතර ගියාට පස්සේ වැඩට යන්න තිබෙන නිසා මම පුතාගේ දුරකතනයට ඇමතුමක් ගත්තා. දුරකතනය වැඩ කළත් කතා කළේ නෑ. පස්සේ මම කීප සැරයක්ම ගත්තා පුතා කතා කළේ නෑ.

අසල්වැසි දුවකට කිව්වා. ඒ දුවත් පුතාගේ දුරකතනයට කෝල් ගත්තා. කතා කළේ නෑ. පස්සේ මම රෑ වෙලා ගත්තා කතා කළේ නෑ. පස්සේ මම 21 වැනිදා උදේ පුතා 20 වැනිදා උදේ කම්බියක් අරගෙන ගියා ආපසු ආවේ නෑ කියා රඹුක්කන පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. දාලා ඇවිල්ලා මම ඇඳේ නිදාගෙන හිටියා.

එහෙම ඉන්න කොට ගෙයි මිදුලේ ගම්වැසියන් ඇවිත් පුතා ගැන කතා කරනවා ඇහුණා. පස්සේ මම නැගිටලා එළියට ආවා. එළියට ආවාට පස්සේ මට දැන ගන්න ලැබුණා පුතා කම්බියකින් කොටගම කනත්තේ තිබෙන ශාලාවේ ගෙල වැලලාගෙන මිය ගිහින් කියලා. පස්සේ මම ගිහින් බැලුවා. පුතා බව හඳුනා ගත්තා.

පස්සේ මට දැන ගන්න ලැබුණා ශාලාවේ පැත්තක පුතාගේ දුරකතනය වීඩියෝ වෙන්න තියලා ගෙල වැලලාගෙන කියලා. පුතාට සිය දිවි හානි කර ගන්න කිසිම හේතුවක් මා දන්නා තරමින් තිබුණේ නෑ යැයි පැවසුවාය.

සිය දිවි හානි කර ගත් තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රංගන ගුණවර්ධන මහතා විසින් සිදු කරන ලදි. ගෙල වැලලාගෙන කර ගත් හදිසි මරණයක් බව වාර්තා කර තිබේ. ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් සිය දිවි හානි කරගෙන ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු අද රඹුක්කන කොටගම පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතව තිබිණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka