gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජකාරිය දේවකාරිය කරගත් ලංගම මංජුල රියසුනේම මියගිහින්!

ඊයේ (23) රාත්‍රී අම්පාර සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක රියදුරු මහතෙකු රාත්‍රී 8.00 ට පමණ ඇතිවූ හදිසි හෘදයාබාධ තත්වයකින් මියගොස් ඇති අතර, බස් රථය මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇති බව ඉගිණියාගල පොලිසිය පවසයි.

ඊයේ (23) රාත්‍රි 7.00 ට පමන අම්පාර ඩිපෝවෙන් කොළඹ බලා මෙම බස් රථය පිටත්වී ඇති අතර රියදුරුට ඇතිවූ පපුවේ කැක්කුමක් හේතුවෙන් ඔහු බස්රථය ඉගිණියාගල ප්‍රදේශයේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක වෛද්‍යවරයකු ගෙන් බෙහෙත් ලබාගෙන නැවත කොළඹ බලා පිටත්ව තිබේ.

රියදුරුගේ තත්වය තේරුම්ගත් වෛද්‍යවරයා උපදෙස් දී ඇත්තේ වහාම ගමන නවතා රෝහල් ගත වෙන ලෙසයි. නමුත් අතිරේක රියදුරකු නැති බව පවසමින් ඔහු නැවත කොළඹ බලා බස් රථය ධාවනය කර ඇත.

එහි කොන්දොස්තර මහතා පවසා ඇත්තේ වෛද්‍යවරයා හමුවි විනාඩි 15ක් යන්නටත් පෙර බස් රථය පාරෙන් පිටතට පැන නතර වූ බවයි.

පසුව කොන්දොස්තර මහතා සහ මගීන් එක්ව රියදුරු කඩිනමින් ඉඟිණියාගල රෝහලට ඇතුළත් කළත් ඒ වෙනවිටත් ඔහු මිය ගොස් සිටි බව පැවසේ.

අනතුර සිදු වන විට බස් රථයේ මගින් 40 ක් පමන සිට ඇති අතර එන් එක් මගියකු පමණක් සුලු තුවාල ලබා තිබේ.

හෘදයාබාධයෙන් මියගොස් ඇත්තේ 49 හැවිරිදි මංජුල ප්‍රසන්න නැමැති පරගහකැලේ පදිංචි දෙදරු පියෙකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka