gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

”අවුරුදු 50දී හරි කමක් නෑ හරි කෙනා හමුවුණොත් මම බඳියි” – යුරේනි නොෂිකා

ශ්‍රී ලංකාව වැනි රටක තරුණියකට තනියෙන් ජීවත් වීම පහසු කරුණක් නොව බව ජනප්‍රිය නිලි යුරේනි නොෂිකා පවසනවා.

ඇය මේ බව ප්‍රකාශ කර තිබුණේ, ජාතික පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

“මම විශ්වාස කරනවා සංසාරේ මොකක් හරි පිනක් කරලා ඇති ගල් පර්වතයක් වගේ ඉන්න…. ලංකාවේ වගේ රටක එහෙම ගැහැනු ළමයෙක්ට තනියම ජීවත් වෙන එක ලෙහෙසි නැහැ. මට හරි සැහැල්ලුවෙන් කියන්න පුළුවන් ”මයි කාර් මයි පෙට්‍රල්” කියලා. ඒක කියන තරම් ලෙහෙසි නැහැ. අපි ඉන්නේ හොඳ සමාජයක නෙවෙයි.

තනියම හැමදේම කරගෙන ජීවත් වෙන්න හයිය හදවතක් තියෙන්න ඕනේ…. මොන දේ වුණත් දරාගෙන ඉස්සරහට යනවා කියන ආත්ම විශ්වාසය තියෙන්න ඕනේ. එහෙම තියෙන ඕනෙම ගැහැනු කෙනෙක්ට මොකක් හරි ගේමක් ගහගන්න පුළුවන්. එකම දේ තමයි තමන්ට තමන්ම සොරි කිව්වොත් එතැන තමයි වැටීම. අනේ මට මේ දේ නැහැ, අරක නැහැ කියලා හිතුවොත් ඉවරෙටම ඉවරයි.”

එහි දී ඇයගේ විවාහය සම්බන්ධයෙන් ද ප්‍රශ්න කර තිබුණා.

ඊට පිළිතුරු ලබා දෙමින් යුරේනි ප්‍රකාශ කර තිබුණේ, “බලමු ඉතින් අවුරුදු 50දී හරි නිවැරදි කෙනා හමුවුණොත් බඳියි.” යනුවෙන්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka