gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

”මගේ පළමු පෙම දමිළ තරුණයෙක්, අද වගේ කාලයක වුණා නම් මම ඔහුව බඳිනවා” – නිරෝෂා විරාජිනී

රටේම ආදරය දිනාගෙන සිටින ගායන ශිල්පිනියක් තමයි නිරෝෂා විරාජිනී කියන්නේ. ඇය ගැන නොදන්නා කෙනෙකු නැති තරම්…. ඉතින් වයසින් කොයිතරම් මුහුකුරා ගියත් ඇයගේ හඬ නම් තවමත් තරුණයි… රූප සොබාවෙනුත් අග තැන්පත් ඇයගේ ප්‍රේමය ගැන දැනගන්නට පුවත්පත් සාකච්ඡාවක ඇය සම්මුඛ වී තිබුණේ මෙලෙසින්….

ඔබට හරි සුන්දර ප්‍රේම කතාවක් තිබුණා..?

ඔව්… ඒ මගේ පළමු පෙම…. ඔහු දමිළ තරුණයෙක්. අපි අතර තිබුණේ කතාබහට පෙම් කරන, අවබෝධය, පරිත්‍යාගශීලී බව සහ විශ්වාසය මත ගොඩනැඟුණු පිවිතුරු පෙමක්.

ඔහු පළමුව හිත බැඳුණේ ඔබ දමිළ හුරුවට ගැයූ ගී හඬටද..?

කවදාවත් නැහැ… ඔහු ආදරය කළේ නිරෝෂා විරාජිනී කියන ගායිකාවට නෙවෙයි… ඔහුගේ අහිංසක, පිවිතුරු ආදරය හිමිවුණේ මා සිටි නිරෝෂා විරාජිනී කියන සැබෑ චරිතයට, නිරෝෂා කියන ගැහැනියට. ඒ ප්‍රේමය ඇත්තෙන්ම හරිම සිත්කලුයි. මගේ ස්වාධීන අදහස්වලට ඔහු ඇලුම් කළා. මට හොඳ මිතුරෙක්, සහායකයෙක් වුණා… මගේ හැකියාව දියුණු කරගන්න… මගේ ඉගෙන ගත්ත සංගීතයට තව තව යොමුවෙන්න උනන්දු කළේ ඔහුයි. අද තරුණ, තරුණියෝ අතර තියෙන ආදරයට වඩා ඒ ආදරය හුඟාක් වෙනස්.

ඒ තරම් වටිනා ප්‍රේමයක් අතහැර දැමුවේ..?

ඔහු දමිළ – හින්දු තරුණයෙකු වීම සහ මම බෞද්ධ – සිංහල කෙල්ලක වීම ඒ ලස්සන ප්‍රේමයට බාධාවක් වුණා…. මගේ මවුපියන් එයට විරුද්ධ වුණා. අනෙක ඒ යුගය දමිළ කෝලාහල වලින් සහ යුද්ධය හමුවේ ගෙවුණු එකක්. ඒ නිසා මගේ මවුපියන් දැඩිව විරුද්ධ වුණා….

එතකොට ඔබ අවුරුදු 20ක කෙල්ලක්… ඔබට තිබුණා ඒ පෙමට සමුනොදෙන තීරණයක් ගන්න..?

හිතූ තරම් එය පහසු වුණේ නැහැ… මම ගෙදර ලොකු දුව කියන හැඟීම එතැනදී ද මතුව ආවා…. මම අපේ පවුලේ ලොකු අක්කා… මගේ මල්ලිලා දෙන්නටයි, නංගිටයි මම හොඳින් හැදෙනවාය කියන හැඟීම දෙන්න මම නිතර පරෙස්සම් වුණා.

යුද කෝලාහල සහ දමිළ ගැටුම් නොතිබුණි නම් ඔහු සමග විවාහ වෙනවා කියලා ඔබට එදා හිතුණේ නැද්ද..?

අදටත් මේ දැනටත් හිතෙනවා…. අද වැනි වාතාවරණයක නම් මම ඔහුව කසාද බඳිනවා.

බොහෝ පිරිමින් අදටත් ඔබේ කෝකිල හඬට වශී වී ඔබට පෙම් කරනවා..?

ඔව්… එය අදටත් එහෙමමයි… ගයන, රඟන කලාකරුවන් හැමදෙනෙකුම වාගේ රසික උන්මාදයකට මැදිවෙනවා. නමුත් එතැනදී කලාකරුවන් තේරුම් ගතයුතුයි තමාට හිමි අනන්‍යතාවක් සහ පුද්ගලිකත්වයක් තියෙන බව. එය තේරුම් නොගෙන සියල්ල පටලවා ගතහොත් අවසානය අවදානම්. එවැනි අවදානම් තුළ ජීවිතය වරද්දාගත් අයද නැතුවා නෙවෙයි. ඒ නිසා රසිකයන් සමග ඇසුරෙදි අප වැදගත් විය යුතුයි.

දිගින් දිගටම වාගේ ඔබ ඉමිහිරි විරහ ගීත ගැයුවේ පළමු පෙමට පසුබිම්වද..?

නැහැ… එහෙම ගී ගයන්න වුවමනාවක් හෝ උමතුවක් තිබුණේ නැහැ. මම ගැයුවේ මට ලැබුණු ගීතයි. ඒ වාගේම මම ද ඒවාට බොහොම ප්‍රියයි….
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka