gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බිරිඳව යතුරුපැදියේ ගැටගසාගෙන ගම වටේ ඇදගෙන ගිහින්! : වීඩියෝවක් සමාජ මාධ්‍ය කළඹයි

රාජස්ථාන් ප්‍රාන්තයේ නාගෞර් දිස්ත්‍රික්කයේ කාන්තාවක් යතුරුපැදියක බැඳ, ඇයගේ සැමියා විසින් පාෂාණ සහිත බිමක් හරහා ඇදගෙන යන අන්දම දැක්වෙන තත්පර 40ක පමණ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.

කාන්තාව උදව් ඉල්ලා කෑගසන අන්දමත් එම වීඩියෝවේ සටහන්ව තිබෙනවා.

වීඩියෝවට අනුව තවත් කාන්තාවක් සහ පුරුෂයෙක් සිදුවීම වූ ස්ථානයේ සිට ඇති බව හඳුනාගත හැකි වන අතර සිද්දිය වීඩියෝ කර ඇත්තේ එම පුරුෂයා විසින් යැයි අනුමාන කෙරේ.

ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ සැමියා විසින් බිරිඳව මෙලෙස යතුරුපැදියේ ගැට ගසාගෙන ගම වටා ඇදගෙන ගොස් ඇති බවයි.

සිදුවීම මාසයකට පමණ පෙර සිදු වූවක් වුවත්, වීඩියෝව සඳුදා (12) සිට අන්තර්ජාලයේ හුවමාරුවීමෙන් පසුවයි අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ අනුව ඔහු ප්‍රේමරම් මෙග්වාල් ලෙස හඳුනාගෙන ඇති අතර එම අවස්ථාවේදී ඔහු බීමත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් පොලීසිය සඳහන් කර තිබුණේ, සිදුවීම වී කාලයක් ගතව ඇති නමුත් අදාළ කාන්තාව විසින් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බවයි.

“අපි වීඩියෝව දැකීමෙන් පසු, කාන්තාව කිසිදු විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් නොකළ නමුත් එම පුද්ගලයාව අත්අඩංගුවට ගත්තා.

සිද්ධියෙන් පසු ඇය සිය නෑනා සමඟ නැවතීමට ජයිසල්මර් වෙත ගොස් තිබෙනවා.

ඇය ඉක්මනින්ම නාගෞර් වෙත ආපසු යාමට නියමිතයි.

සිද්ධියට සැබෑ හේතුව සහ විත්තිකරු අතින් ඇයට මුහුණ දීමට සිදු වූ වෙනත් අපයෝජනයන් පිළිබඳව ඇය සමඟ කතා කිරීමෙන් පසුව අපට දැනගත හැකිය....''

ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙග්වාල්, රැකියාවක් නොකරන අතර ඔහුගේ මව සමඟ ගමේ ජීවත් වන්නෙකි.

ඔහු මීට මාස හයකට පමණ පෙර මෙම කාන්තාව සමඟ විවාහ වී ඇති බවත් එතැන් සිට ඇය සමඟ නිරන්තර රණ්ඩු දබර කරගෙන ඇති බවත් සඳහන්. අසල්වැසියන් පවසන්නේ මෙග්වාල් මත්පැන් පානය කරන්නෙකු වන බවත් ඔහුගේ බිරිඳට නිතරම පහර දෙන බවත් ය.

සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka