gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලඹේ කළඹමින් විෂ දුමක් ශරීරගත වී දෙදෙනෙකුට දිවි අහිමි වූ පුවතේ සුල මුල හෙළි වෙයි... නිවසේ හිතාගන්න බැරි දෙයක් හදන්න ගිහිල්ලා

මාලඹේ කහන්තොට පාර ප්‍රදේශයේ ජයන්ති මාවත නිවසක් තුළ දී විෂ දුමයක් නිසාවෙන් දෙදෙනෙකු මියයාම පිළිබඳව සිදු කළ පරීක්ෂණයේදී අදාළ රසායනික ද්‍රව්‍ය භාවිතා කර නිවස තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට කටයුතු කළ බවට සැක පහළ කළ හැකි කරුණු රැසක් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සඳහා අද දින පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරි දිමුතු සමරනායක මහතා සමගින් පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් එම ස්ථානයට පැමිණි අතර එම පිරිස විසින් නිවස තුළට ඇතුළු වී මූලික පරීක්ෂණයක් සිදු කරන ලදි.

ඉන් අනතුරුව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් පිරිසක් පැමිණ පරීක්ෂණ කටයුතු සඳහා සහභාගි විය.

ඉහත දෙපාර්ශවයටම එම ස්ථානයේ ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය පිළිබඳව අනුමානයක් ලබා ගැනීමට නොහැකි වු නිසාවෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පැමිණ අදාළ ආරක්ෂිත ඇඳුම් සමගින් රසායනික ද්‍රව්‍ය තිබූ නිවසේ කාමරයට ඇතුළු වී සිදු කළ පරීක්ෂාවෙන් අනතුරුව මෙම රසායනික ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යයක් බවට හඳුනා ගත් බවද පොලිසිය පවසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka