gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

8 ශ්‍රේණියේ සිසුවියක් අවුරුදු 2ක් තිස්සේ කොන්දොස්තරවරයෙක් ඇතුලු පිරිසක් සමූහ දූෂණය කරලා!

බාලවයස්කාර පාසල් සිසුවියක් වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයකට ලක්කල බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කළුතර, දියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු සහ අදාළ නිවසක රදවා ගැනිමට අනුබල දුන් පුද්ගලයෙකු ,හොරණ රෙමුණ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකි.

අත්අඩංගුවට පත්වූවන් අතර දෙදෙනකු විවාහකයින් වන අතර ඉන් එක් අයෙකු වයස 60 ඉක්මවූ දැරියගේ සීයා කෙනෙකු බවද පොලිසිය පවසයි.

13 හැවිරිදි දැරිය සිය රෝගි දෙමව්පියන් සහ වැඩිමහල් සොහොයුරා සමග එකට ජීවත්ව සිට ඇති අතර , නිවසේ අගහිගකම් හේතුවෙන් මුදල් සහ වෙනත් දෑ ලබදෙමින් හිතවත් වී දැරිය රවටා වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයට ලක්කර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති පෞද්ගලික බස් කොන්දොස්තරවරයා මාසයකට පමණ පෙර දැරිය හොරණ මූලික රෝහලේ තම නැන්දනීය බැලීමට ගොස් නැවත බස් නැවතුම්පොළට පැමිණ අවස්ථාවේ දැරිය රෙමුණ ප්‍රදේශයේ නිවසට කැටුව ගොස් රදවා තබාගෙන අතවර කර ඇති අතර , එම කාලය තුලදීද දැරිය තවත් පුද්ගලයන්ගේ ගොදුරක් බවට පත්ව ඇති බවටද තොරතුරු ලැබී ඇත.

මෙම සිද්ධියට අදාළව තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි.

බාලවයස්කාර දැරියක නිවසක රදවාගෙන සිටින බවට කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා ට ලද තොරතුරක් මත කල පරීක්ෂණ වලින් පසු ඇයගෙන් ලබාගත් ප්‍රකාශ මත අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

දැරිය මේ වනවිට කළුතර, නාගොඩ ශීක්ෂණ රොහලට ඇතුලත් කර ඇති අතර, සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර සහ සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ උපදෙස් පරිදි කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා ගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහේෂිකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka