gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කන්ටේනරයේ හුළං යැවූ පොලිස් නිලධාරියාගේ හුළං බස්සයි (VIDEO)

මාර්ගයේ නවතා තිබූ කන්ටේනර් රථයක ටයරයක හුළං යැවීමේ සිද්ධියට සම්බන්ධ රථවාහන පොලිස් නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මාධ්‍ය වාර්තාවලට අනුව කන්ටේනර් රථය වත්තල මාබෝල ප්‍රදේශයේ ගබඩාවක් වෙත ගමන් කරමින් තිබියදී මෙම ගැටලුවට මුහුණ දී තිබිණි.

රියදුරකු නොමැතිව මාර්ගයේ නවතා රථවාහන ගමනාගමනයට බාධා පමුණුවන බව පවසමින් රථවාහන පොලිස් නිලධාරියා රථයේ ඉදිරිපස එක් ටයරයක හුළං යැවීමට පියවර ගෙන තිබිණි.

මෙම සිද්ධියට සම්බන්ධ වීඩීයෝ දර්ශනවලින් පෙනී යන්නේ අවට සිටි විවිධ අය එසේ කිරීමෙන් වළකින ලෙසත් රියදුරු සොයා ගැනීමට සහාය ලබා දෙන බවටත් ඉල්ලා සිටියද පොලිස් නිලධාරියා ටයරයේ හුළං යැවීමට කටයුතු කළ අයුරුයි.

පසුව එම ස්ථානයට පැමිණි මෝටර් රථයේ රියදුරු තමන් ගබඩාවෙන් අවසරය ලබා ගැනීමට ගිය බවත්, ඒ හේතුවෙන් කන්ටේනර් රථය මාර්ගයේ නවතා ඇති බවත් පොලිස් නිලධාරියාට දන්වා ඇත.

කෙසේවෙතත්, රථවාහන පොලිස් නිලධාරියා රියදුරුට රථ වාහන දඩයක් ලබාදී ප්‍රදේශයෙන් පිටව ගොස් තිබිණි.

එම රථවාහන පොලිස් නිලධාරියා විනය පරීක්ෂණයක් සඳහා පොලිස් රථවාහන දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර පසුව ඔහුගේ රාජකාරිය අත්හිටුවා ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka