gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගල් බෝතලේ දාහකින් අඩුවෙන කතාව ගල් පැලෙන බොරුවක්!

අතිවිශේෂ මත්පැන් මිල පහත දමන බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. 

මි.ලී 750 අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 900-1000 අතර මුදලකින් සහ මි.ලී 175 ප්‍රමාණයේ කාලෙ බෝතලයක මිල රුපියල 200කින් පමණ අඩුවනු ඇති බවටයි පසුගිය දින කිහිපයේම පුවත් පැතිර ගියේ.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සුරාබදු දෙපාර්තමේන්තුව හිරු ප්‍රවෘත්ති අංශයට පවසා සිටියේ අතිවිශේෂ මත්පැන් මිල පහළ දමන්නැයි තමන් පසුගියදා සිදුකළ ඉල්ලීම මත්පැන් නිෂ්පාදන ආයතන ප්‍රතික්ෂේප කළ බවයි.

ඒ අනුව මේ මොහොතේ මත්පැන් මිල පහළ දැමීමක් සිදු නොවන බවද සුරාබදු කොමසාරිස්වරයා කියා සිටියා.

මත්පැන් මිල පහළ දැමීමට හැකි වන්නේ ඊට අදාල සුරාබදු පහත හෙලීමෙන් පමණක් බවයි සුරාබදු කොමසාරිස් එම්.ජේ ගුණසිරි වැඩිදුරටත් පවසා සිටියේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka