gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මතීෂ පතිරණත් එලියට… මුල් වේග පන්දු යවන්නන් 4ම ආබාධිතයි… මොහොමඩ් සිරාජ්, එෂාන් මාලිංග ශ්‍රී ලංකා සංචිතයට කැඳවයි!

අවසන් විස්සයි 20 තරගයේ දී පන්දුවක් රැක ගැනීමට ගොස් මතීෂ පතිරණ උරහිස් ආබාධයකට ලක්වීමත්, පුහුණුවීම් අතරතුර ඩිල්ෂාන් මධුශංකගේ ඇති වූ මස්පිඩු ආබාධයක් හේතුවෙන් ඉන්දියාවට එරෙහි එක්දින තරඟාවලියෙන් ඔවුන් දෙදෙනා ඉවත් කිරීමට සිදුවී තිබේ.
මේ වනවිටත් අබාධයකට ලක්වීම නිසා කණ්ඩායමෙන් ඉවත් වී සිටින දුෂ්මන්ත චමීරට සහ පුහුණුවීම් වලදී මාපටැඟිල්ල බිඳී ගිය නුවන් තුෂාරට ද එක්දින තරගාවලිය අහිමි වී ඇත.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණත් මද වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂිරාස් ඇතුළත් කර ඇති බව කණ්ඩායම් කළමණාකරු මහින්ද හලංගොඩ උපුටා දක්වමින් ESPNcricinfo වාර්තා කරයි. කටුපුල්ලේ ගෙදර මොහොමඩ් ෂිරාස් සහාබ් පළමු පෙළ තරග 49ක ඉනිම 79ක් ක්‍රීඩා කර කඩුළු 125ක් වාර්තා කර ඇති ක්‍රීඩකයෙකි. අන්තර් සාමාජ එක් දින තරග 47ක් ක්‍රීඩා කර කඩුළු 80ක් වාර්තා කර ඇති ක්‍රිඩකයෙකි. නුවර මාදිනා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි මොහොමඩ් සිරාස් 29 හැවිරිදිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශයක් අද පස්වරුවේ තහවුරු කර ඇත්තේ දකුණත් වේග පන්දු යවන්නෙක් ලෙස ඒෂාන් මාලිංග සංචිතයට ඇතුළත් කර ඇති බවය. කිරිබත්ගල කන්කානමලාගේ එෂාන් මාලින්ග ධර්මසේන රත්නපුර සීවලී විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩාවට පිවිසි ක්‍රීඩකයෙකි. ඔහු පළමු පෙළ තරග 14ක ඉනිම් 23ක් තුල කඩුලු 28ක් සහ පළමු පෙළ ක්‍රිඩා සමාජ එක්දින තරග 08ක දි කඩුළු12ක් ලබාගෙන තිබේ. එෂාන් මාලිංග තවමත් 23 හැවිරිදි ක්‍රීඩකයෙකි.

පිතිකරු කුසල් පෙරේරා, වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් සහ දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ යන ක්‍රීඩකයින් තිදෙනා ද තරගාවලිය සඳහා සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා තහවුරු කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka