gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙර පාසලේ මිදුලේ සෙල්ලම් කරමින් සිටිය දී හිසට පොල් ගෙඩියක් ඇද වැටීමෙන් සිඟිති දියණියක් මිය යයි!

පෙරපාසලක මිදුලේ තිබුණු අඩි 50ක් පමණ උස පොල්ගසකින් වැටුණු ගෙඩියක් පෙරපාසල් ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටි සිඟිති දැරියකගේ හිසමතට වැටීමෙන් එම සිඟිත්තිය මිය ගොස් තිබේ.

මෙම අනතුර සිදුවී ඇත්තේ මාවනැල්ල මාවාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පෙර පාසලකය. ගෙමිලේ සෙල්ලම් කරමින් සිටි සිඟිත්තියගේ හිස මතට පොල් ගෙඩිය ඇද වැටී බරපතල තුවාල සිදුවීමෙන් පසු ඇයව මාවනැල්ල රෝහල වෙත ඇතුළත් කර තිබේ.

එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත. රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය තුළ දී මේ සිඟිති දියණිය මිය ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

රටේ පෙර පාසල් පද්ධතිය පවත්වාගෙන යන්නේ කිසිදු ප්‍රමිතියකින් සහ නියාමනයකින් තොරව වීමත්, ආනරක්ෂිත භූමිවල නොදරුවන් ගාල්කරගෙන පවත්වාගෙන යන අවිද්‍යාත්මක පෙරපාසල් පැවතීමත්,  විශේෂයෙන්ම පෙරපාසල් ගුරුවරුන්ගේ වෘත්තීය භාවය සම්බන්ධව බරපතල ප්‍රශ්න මතුව තිබීමත් කාලයක සිට රටේ ඇතිවී තිබෙන බරපතල ගැටලුවක් වූයේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka