මාරවිල පොලිසිය පවසන්නේ වලහපිටිය ප්රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී එල්ල වූ කඩු පහරකින් ගැටුමට මැදි වූ තරුණයෙකුගේ අතේ කොටසක් මැණික් කටුව අසලින් කැපී වෙන් වී ඇති බවත් ආරවුල අතරතුර කැපී වෙන් වූ අත් කොටස එම ස්ථානයේම දමා තුවාලකරු පැනගොස් ඇති බවයි.
කලක් සිට පවතින ආරවුලක් මුල් කරගනිමින් මෙම ගැටුම ආරම්භ වී ඇති බව පොලිසිය පවසයි.
පහල වලහපිටිය ප්රදේයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු මෙසේ එම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇති අතර මාරවිල රෝහලට ඇතුලත් කල එම තරුණයාගේ තත්වය බරපතල වීමෙන් ජාතික රෝහලට මාරු කර යැවීමට කටයුතු කර ඇති බව පැවසසේ.
තරුණයාට කඩු පහර එල්ල කළ පුද්ගලයා පහළ වලහපිටිය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක දෙදරු පියෙක් බව ප්රදේශවාසීන් පවසති.