gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය සුපිරි රංගන ශිල්පිනියක් දිවයිනට... ගුවන් තොටුපල නොසන්සුන්.. ඇය පිළිගැනීමට ගිය රසිකයින්ගේ තරගයක්!

මේ කියන්න යන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන ඉන්දීය නිලියක් ගැන‍යි..

හැමදාමත් සිනමාවෙන් දකින මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය සියසින් දැකගැනීමට බොහෝ දෙනෙක් වෙහෙසුනා.. මේ ඒ ගැන ඇසෙන කතාවක්.. 

ඉන්දීය සුපිරි රංගන ශිල්පිනී රම්බා යාපනයට පැමිණීමත් සමගම ඇගේ රසික රසිකාවියන් විශාල පිරිසක් ඇයව දැකීමට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණීම නිසා ගුවන් තොටුපල අසල දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇති වූ බව හිරු වාර්තාකරු පවසනවා...

රම්බාට මල් කළඹවල් පිලිගැන්වීම සදහාත් ඇයව දකීමටත් ඇය සමග සෙල්ෆි ඡායාරූප ගැනීමටත් විශාල පිරිසක් ගුවන් තොටුපල පර්යන්තයට අතුලුවීමට උත්සහ කිරීම නිසා ඇති වූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම පිණිස පොලිස් බල ඇණි කීපයක්ද යෙදවීමට සිදුවූ බවයි වාර්තා වෙන්නේ...

ඉන්දියාවේ සිට පෞද්ගලික ගුවන් යානයකින් රම්බා හා ඇගේ සැමියාද තවත් කීප දෙනෙකුද යාපනයට පැමිණ සිටියේ ඔවුන්ගේ වියදමින් යාපනයේ පවත්වා ගෙන යන පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධි හා ඩිප්ලෝමා සහතික ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වීම පිණිසයි...

යාපනයේ උපන් රම්බාගේ ස්වාමියාගේ උපන් දිනයද මේ සතියේ යාපනයේදී සැමරීමට රම්බා හා ඇගේ සැමියා බලාපොරොත්තු වෙනවා...

පසුගිය වසරේ පෙබරවාරී 9 වෙනිදා ඉන්දීය සුපිරි ගායක හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මහා සංගීත රාත්‍රියකට රම්බා පැමිණ නර්තනයක් ඉදිරිපත් කරමින් සිටියදී යාපනයේ රසික රසිකාවියන් වේදිකාව දෙසට යාමට උත්සහ කිරීම නිසා විශාල කලබලයක් ඇති වූ අතර ඒ හේතුව මත ප්‍රසංගය අවලංගු කිරීමටද සංවිධායකවරුන්ට සිදුවුණා...

ඒ අවස්ථාවේදී කුපිත වූ පිරිසක් වේදිකාවේ හා අවට තිබූ හාණ්ඩ වලට පහර දීම නිසා රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදු වූ අතර නව දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka