ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකික පුද්ගලයෙක් සියදිවි නසාගෙන ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස මෙල්බර්න් හිදී සිරුරට ගිනි තබාගෙන ඇත්තේ සරණාගත භාවය අපේක්ෂාවෙන් සිටි 23 හැවිරිදි තරුණයෙක්.
ඔහු 2013 වසරේදී ඔස්ට්‍රේලියාවට අනවසරයෙන් සංක්‍රමණය වූ පුද්ගලයෙක් බව සඳහන් ය.
සිය දෙමව්පියන් සමග මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති මෙම තරුණයා තාවකාලික වීසා බලපත්‍රයක් මත එරට වසර 11ක් පමණ වාසය කර ඇති බව සදහන්.
ඔහු සරණාගත භාවය සඳහා මීට පෙර ඉල්ලුම් කර තිබුණද එය ප්‍රතික්ෂේප වී ඇති අතර ඒ හේතුවෙන් ඉතා කනස්සල්ලෙන් සිටි බවයි පැවසෙන්නේ.
මේ හේතුවෙන් ඔහු පෙරේදා රාත්‍රියේ සිය සිරුරට ගිනි තබාගෙන ඇති අතර රෝහල්ගතව සිටි ඔහු ඊයේ මියගොස් තිබෙනවා.