gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුහුණු පොතේ සටහනක් තබා කාටත් රහසින් නික්ම ගිය, මාධ්‍යවේදිනිය... සිරුර හමු වූ තැන මෙන්න

බංග්ලාදේශයේ රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදිනියක්වන සාරා රහනුමා (32) ඩකාහි වැවක මියගොස් සිටියදී ඊයේ (28) සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩකා වෛද්‍ය විද්‍යාල රෝහලේ (DMCH) පොලිස් මුරපොල භාර පොලිස් පරීක්ෂකවරයා ඇයගේ සිරුර ගොඩගත් බව පවසා තිබෙනවා.

මෘත ශරීරය සම්බන්ධයෙන් වෛද්‍යවරයා පවසා ඇත්තේ, ඇය අලුයම 2.00ට පමණ මියගොස් ඇති බවයි.

මිය යාමට පෙර ඇය ඊයේ රාත්‍රියේ ෆේස්බුක්හි පණිවිඩයක් පළ කර තිබුණා.

"ඔබ වැනි මිතුරෙකු සිටීම සතුටක්. ඔබට සැමවිටම දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා. ඔබ ඔබේ සියලු සිහින ඉක්මනින් ඉටු කර ගනියි කියා බලාපොරොත්තු වෙනවා. මම දන්නවා අපි එකට ගොඩක් සැලසුම් කළා. සමාවෙන්න, මට අපේ සැලසුම් ඉටු කරන්න බැහැ. ඔබේ ජීවිතයේ සෑම අංශයකටම දෙවියන් ඔබට ආශීර්වාද කරයි."

ඇය මීට පෙර සඳහන් කර ඇත්තේ, "මරණයට සමාන ජීවිතයක් ගත කරනවාට වඩා මියයාම හොඳයි." යනුවෙන්.

මේ අතර, සිද්ධිය වූ දින සාරා රැකියාවට ගිය නමුත් එදින රාත්‍රියේ ආපසු නිවසට නොපැමිණි බව ඇගේ සැමියා පවසා තිබෙනවා.

ඇයගේ සැමියා පවසා ඇත්තේ, සාරා ඔහුගෙන් වෙන්වීමට කලක සිට කැමැත්ත පළ කළ බවයි.

ඔවුන්ගේ දික්කසාදය අවසන් කිරීම සඳහා සැලසුම් කර තිබුණද, රටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් ඔවුන්ට එය කිරීමට නොහැකි වූ බව ඇයගේ සැමියා පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත්, අගමැතිනි ෂීක් හසීනාගේ පුත් සජීබ් වසේඩ් ඇයගේ මරණයට දේශපාලන මුහුණුවරක් ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, මෙය එරට ප්‍රකාශනයේ නිදහසට එල්ල වූ “තවත් ම්ලේච්ඡ ප්‍රහාරයක්” බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka