gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"අම්මා අපි නිසා දුක්විඳිනවා.. ඒ ගැන මට කනගාටුයි..." අඟහිඟකම් නිසා කියාගන්න බැරි තරම් සිත් තැවුලෙන් සිටි සෙව්වන්දි ගැන ඇසෙන කඳුළු කතාව මෙන්න

විසඳුම් නැති ප්‍රශ්න අපි කාගේත් ජීවිතවලට එකතු කරන්නේ අඳුරු කාලයක්.. සෙව්වන්දිට කියලාත් ඒ කතාවේ කිසිම වෙනසක් නැතුව ඇති..

තාත්තාගේ අකල් මරණය ඔහුන්ගේ ජීවිතවලට එක්කළේ මහ නරක කලදසාවක්.. ඒ නිසාම ඇය මෙන්න මේ විදිහේ තීරණයක් අරගෙන...

මොනරාගල, වැදිකුඹුර, අම්පිටිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් පසුගිය දවසක ඇගේ මවට ලිපියක් ලියා නිදි යහනේම මියගොස් ඇති බව මොනරාගල පොලිසිය පවසනවා..

මෙලෙස මියගොස් ඇත්තේ, මොනරාගල වැදිකුඹුර විද්‍යාලෝක විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි වීරසිංහ කංකානම්ලාගේ මෝක්ෂා සෙව්වන්දි නමැති සිසුවියක්..

ඇයගේ පියා මීට වසර හතරකට පමණ ඉහතදී වන අලියෙකු පහරදීමෙන් මියගොස් ඇති බව පැවසෙනවා..

ඇය මව සහ සොහොයුරා සමග නිවසේ පදිංචිව සිට ඇති අතර, පසුගිය 24 උදෑසන මව උක්ගස් කැපීම සඳහා ද සොහොයුරා උපකාරක පන්තියකට ද නිවසෙන් පිටව ගොස් තිබෙනවා...

පස්වරු තුනට පමණ සොහොයුරා පැමිණ බලන විට ඇය නිදි යහනේ මියගොස් සිටිනු දැක තිබෙනවා..

ඇය විසින් ලියන ලද ලිපියේ “අම්මා අපි නිසා දුක්විඳිනවා.. ඒ ගැන මට කනගාටුයි” කියා සඳහන් කර ඇතැයි පැවසේ..

ආර්ථික දුෂ්කරතා නිසා ඉගෙනගැනීමට පවා ඇයට ගැටලු තිබී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා..

ඇයගේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පවත්වා තිබෙනවා..

එමෙන්ම ඇයගේ මරණය සම්බන්ධයෙන් හේතුව අනාවරණය නොවන බව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාවේ සඳහන් බවයි වාර්තා වෙන්නේ..

ඇයගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනයට යොමුකර තිබෙනවා..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka