gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"දුව අපි දෙන්නා නිදාගෙන හිටිය කාමරයට ඇවිල්ලා අම්මේ මට අමාරුයි කිව්වා..." - සාදයට ගොස් පැමිණි තරුණ බැංකු නිලධාරිනියට මොකද වුණේ?

සීතාවකපුර ප්‍රදේශයේ සාදයකට සිය කාර්ය මණ්ඩලය සමග ගොස් පැමිණි තරුණියක් පෙරේදා (25) අලුයම හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් වරකාපොළ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව වරකාපොළ පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, නිට්ටඹුව පෞද්ගලික බැංකුවක සේවය කළ, වරකාපොළ අඹේපුස්ස මාහේන ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි රාජපක්ෂ ආරච්චිලාගේ සෙනාලි රාජපක්ෂ නැමැති අවිවාහක තරුණියක්.

ඇය 2022 වර්ෂයේ දී උසස් පෙළ විභාගයට පෙනී සිට, පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මාස 10ක පමණ කාලයක සිට මෙසේ බැංකුවක සේවය කර ඇති ඇය, පසුගිය (24) බැංකුවේ කාර්ය මණ්ඩලය සමග මෙසේ උත්සවයකට ගොස් ඇති බව පොලිසිය පවසනවා.

පසුව තරුණිය රාත්‍රී 8.30ට පමණ නිවෙසට පැමිණ නිවෙසේ ඉහළ මහලයට ගොස් ඇති අතර, මව ආහාර ගැනීමට කතා කළද ඇය ආහාර ගැනීමට නොහැකි බව පවසා නින්දට ගොස් ඇති බව මව්පියන් පවසන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

තරුණිය ඊයේ අලුයම 3ට පමණ පහත මහලට පැමිණ, තමාට අමාරුයි යැයි මවුපියන්ට පැවැසීමෙන් පසුව, මවුපියන් ඇයව වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති නමුත්, ඒ වනවිටත් තරුණිය මිය ගොස් ඇති බව පැවැසේ.

තරුණියකගේ මරණය සම්බන්ධයෙන් පැවති සාක්ෂි විභාගයේදී ඇයගේ මව කියා සිටියේ මෙවැන්නක්,

"දුවට කිසිම අසනීපයක් තිබුණේ නෑ. ඉපදුණාට පස්සේ අද තමයි ඉස්පිරිතාලෙකට හරි ඇතුළත් කළේ.පෙරේදා (24) දුව බැංකුවේ කාර්ය මණ්ඩලය එක්ක සීතාවක උත්සවයකට ගෙදරින් උදේ 6.30ට විතර ගියා. රෑ 8.30ට විතර ගෙදර ආවා. ඇවිල්ලා ඇඟපත සෝදාගෙන උඩ තට්ටුවට ගියා. මම මහත්තයාට කෑම බෙදලා දුවට කෑම කන්න කතා කළා. දුව රෑට කෑම කනවා අඩුයි. ඊට පස්සේ දුව කිව්වා, කෑම කන්න බෑ අම්මේ කියලා. මමත් වැඩිය බල කළේ නෑ කෑම කන්න කියලා. පස්සේ දුව ගිය සාදයේ තොරතුරු කියන්න කතා කළා. ඒ වෙලාවෙ මම කෝල් එකක හිටියේ. සාදයේ තොරතුරු මට දුවගෙන් අහගන්න බැරි වුණා.

පස්සේ අපි නිදා ගත්තා. ඊයේ (25) පාන්දර 3ට විතර දුව උඩ ඉඳලා පහළට ඇවිල්ලා බාත්රූම් එකට යනවා දැක්කා. ඒ ගිහින් ඇවිල්ලා දුව අපි දෙන්නා නිදාගෙන හිටිය කාමරයට ඇවිල්ලා අම්මේ මට අමාරුයි කියලා කිව්වා. පස්සේ මහත්තයා දුව වැටෙන්න දෙන්නේ නැතිව අල්ල ගත්තා. මම ගිහිල්ලා ගේට්ටුව ඇරියා. මහත්තයා දුව වඩාගෙන කාර් එකට අරන් ඇවිත් වරකාපොළ ඉස්පිරිතාලෙට ගෙනාවා. ඒ අරන් යනකොට දුව වචනයක්වත් කතා කළේ නෑ. වරකාපොළ ඉස්පිරිතාලෙට ඇතුළත් කරලා බාහිර රෝගී අංශයේ හිටපු වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය ගොඩක් වෙහෙස මහන්සි වුණා දුව බේරා ගන්න. ඒත් වැඩක් වුණේ නෑ. දුව නැති වුණා. මට දුවගේ මරණය ගැන සැකයක් නෑ.”

සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොල පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදුකරනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka