විවාහයට පැය කිහිපයක් තිබියදී මනමාලයා සහ ඔහුගේ ඥාති සහෝදරයා ඛේදනීය ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයෙන්.
මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ විවාහා වීමට සිටි අවුරුදු 38ක් වූ කිර්ක් වෝකර්ගේ සහ ඔහුගේ ඥාති සහෝදරයෙක් වූ 40 හැවිරිදි රොබ් මැක්ලෝරින්.
ඔවුන් ගමන් කළ මෝටර් රථය ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි රථයක වැදී මෙම බිහිසුණු අනතුර සිදුව තිබෙනවා.
ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වාහනයේ රියැදුරු එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
බරපතල තුවල ලැබූ ඔවුන් දෙදෙනා කොලොම්බියා ප්‍රෙස්බිටේරියන් රෝහල වෙත රැගෙන යන අතරතුරදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විවාහයට දිනයක් තබා තම පෙම්වතාගේ මෙම වියෝව දරාගත නොහැකි වූ විවාහ වීමට ඇඟිලි ගණිමින් සිටි පෙම්වතිය වන ෂෝන්ටියා වීවර් දැඩි කම්පනයට පත්ව සිටින අතර ඇය මෙම කම්පිත සිදුවීම පිළිබඳව දක්වා සිටියේ මෙවැනි අදහසක්.
''මට මේක රූපවාහිනී වැඩසටහනක් ලෙස හැගෙන්නේ. මට මේක විස්වාස කරන්න බෑ, මම ඕනෑම මොහොතක අවදි වී මගේ සැබෑ ජීවිතයට ආපසු යන්නෙමි. මෙම ඛේදනීය සිදුවූ මොහොතේ පටන් සෑම පැයක් පාසාම, මට වෙනස් චිත්තවේගයක් මා තුළ ඇති වේ.''