මැතිවරණය අවසන් වනතුරු දිවයින පුරා ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට පොලිසිය අවසර නොදීම හේතුවෙන් ප්‍රසංග සංවිධායකවරුන්, ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, වේදිකා නිර්මාණකරුවන් ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත.
මේ හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල කල්තියා සූදානම් කර තිබූ සැණකෙළි හා ප්‍රසංග විස්සකට වැඩි ප්‍රමාණයක් නතර කර ඇති බව ශ්‍රී ලංකා ප්‍රසංග සැණකෙළි සංවිධායකවරුන් සහ සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති දිනේෂ් ආතාවුද සදහන් කරයි.
මැතිවරණයක් පැවැත්වෙන්නේ යැයි පවසමින් ජන ජීවිතයේ අනෙකුත් කටයුතුවලට බාධා කිරීම නොකළ යුතු බවත් මේ සම්බන්ධයෙන් වහාම මැදිහත්වී සොයා බලන අපේක්ෂකයකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දෙන බවද සභාපති දිනේෂ් ආතාවුද සදහන් කරයි.
කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති දිනේෂ් ආතාවුද මේ බව සදහන් කරයි.