gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාව තියුණු සටනක් දී අයර්ලන්තයට ලකුණු 15කින් පරදියි ; හර්ෂිතාගෙන් ශතකයක්!

ලංකාව තියුණු සටනකින් පසුව සත්කාරක අයර්ලන්ත කාන්තා පිල හමුවේ ‍ලකුණු 15 කින් දෙරට අතර දෙවැනි එක්දින තරගයෙන් බෙල්ෆාස්හිදී පරාජයට පත් විය.

මුලින්ම පන්දුවට පහර දුන් අයර්ලන්ත පිල සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 5කට ලකුණු 255ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලට රැස් කළ හැකිවූයේ පන්දුවාර 48ක් තුළදී සියළුදෙනා දැවී ලකුණු 240ක් පමණි.

කෙසේවුවද, මේ තරගයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී ශතකයක් රැස්කළ තෙවැනි ක්‍රීඩිකාවට බවට පත්වීමට හර්ෂිතා සමරවික්‍රම සමත් වූවාය.

පන්දු 120කින් ගොඩනැගුණු හර්ෂිතාගේ ඉනිමට හතරේ පහර 11ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම අයර්ලන්ත සංචාරය සිදුකිරීමට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ශතකයක් රැස්කර තිබුණේ චමරි අතපත්තු පමණි.

කෙසේ නමුත් දෙරට අතර පළමු එක්දින තරගයේදී විශ්මි ගුණරත්න ශතකයක් රැස්කිරීමට සමත් වූවාය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka