මාතලේ මහවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන 12 වියැති සිසුවියක ගුරු විවේකාගාරයට කැඳවා 52 හැවිරිදි ඉංග්‍රීසි ගුරුවරයා විසින් ඇය බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයි මහවෙල පොලිසිය පවසයි.
මෙම සිසුවිය තමාට සිදුවූ අතවරය ගැන ඇය සමග එකම පන්තියේ ඉගෙනුම ලබන සිසුවියකට පැවැසීමෙන් පසු දෙදෙනාම ගොස් මෙය ගුරු උපදේශකවරියකට දැනුම් දී ඇත. ගුරු උපදේශකවරියකට පන්තිභාර ගුරුවරියට පවසන ලෙසට උපදෙස් දී ඇතැයි පොලිසිය පවසයි.
පන්තිභාර ගුරුවරිය විසින් විදුහල්පතිවරයාට දැනුම් දෙන ලෙස උපදෙස් දී තිබේ. විදුහල්පති කාර්යාලයට ගිය අවස්ථාවේ විදුහල්පතිවරයා නිවාඩු ලබාගෙන සිටි නිසා වැඩ බලන නියෝජ්‍ය විදුහල්පතිවරියට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.
නියෝජ්‍ය විදුහල්පතිවරිය විසින් සිසුවියට මේ බව මව්පියන්ට හෝ වෙනත් කිසිවකුට නොකියන ලෙසත් එසේ කීවොත් පාසලෙන් අස් කරන බවටත් තර්ජනය කර ඇතැයි වාර්තා වේ.
නමුත් පසුව මෙම සිද්ධිය හා සම්බන්ධ ඉංග්‍රීසි ගුරුවරයා සහ සිද්ධිය වසන් කර ඊට අනුබල දුන් විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරිය මහවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බරපතළ අපයෝජනයකට ලක්වූ සිසුවිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා යොමු කර ඇත.