පල්ලෙකැලේ යුද හමුදා කඳවුරේ සේවය කරනා යුද හමුදා සෙබළකු තම බිරිය සහ කුඩා දරුවා පුළුස්සා පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වත්තේගම පොලිසිය පවසයි.
119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුනු තොරතුරකට අනුව 39 හැවිරිදි හමුදා සෙබළා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තුවාල ලැබූ වත්තේගම මීගම්මනවත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි 24 හැවිරිදි කාන්තාව සහ වසර එක හමාරක් වන දරුවා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කොට ඇත.
සැකකාර හමුදා සෙබලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව මානසික වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත්කර වාර්තාවක් ලබාගැනීමටද නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.