gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ලැසී ගැන දැනගත්තේ සිංග් කළාට පස්සේ, මට බුකින් එක දැම්මේ ඩුබායිවලින්” – ලයිව් ඇවිත් මනේජ් සංජය එල්ල වන චෝදනාවලට උත්තර දෙයි (VIDEO)

අපරාධ රැසකම මුල්ම පුරුක වූ පොඩි ලැසී මේ වෙනකොට ඉන්නේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය ඇතුළේ.

පසුගිය දවසක පොඩි ලැසීගේ මවගේ සහෝදරයෙකුගේ දියණියක් විවාහ වෙලා තියෙනවා.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවැත්වුණු මෙම විවාහ උත්සවයට ජනප්‍රිය ගායන ශිල්පියෙකුත් ගීත ගායනා කරන්න ඇවිල්ලා හිටියා.

හිරු ස්ටාර් හරහා අතිශයින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් මේ ගායන ශිල්පියා මනමාලියට පුරුදු විදිහටම මල් කළඹක් දීලා පුදුම කරවලා තිබුණා.

අනතුරුව මෙම ගායන ශිල්පියා ගැන සමාජ මාධ්‍යයේ අතිශය විශාල කතාබහක් ඇතිවුණා.

කෙසේ නමුත් මෙම ගායන ශිල්පියා වීඩියෝවක් පළ කරමින් සඳහන් කර තිබුණේ තමන් සිදු කළේ තම රැකියාව පමණක් බවයි.

පොඩි ලැසීගේ ඥාතිකමක් සම්බන්ධයෙන් තමන් දැනගත්තේ ගීත ගායනා කිරීමෙන් අනතුරුව බවයි ඔහු සඳහන් කරන්නේ.

තමන්ට එම ගීත ගායනාව සඳහා ආරාධනාව ලැබුණේ බූස්ස බන්ධනාගාරයෙන් නොව ඩුබායි රාජ්‍යයෙන් බවත් ඔහු එහි සඳහන් කරනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka