gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මතකය මාතුල තබා ගමි.. තාවකාලික පැවිද්ද ලබා ගත් ධනංජය සිරිවර්ධන දැන් කියන කතාව: Facebook සටහනක් තබමින් කියූ දේ!

නිවේදකයෙකු මෙන් ම රංගන ශිල්පියෙකු වන ධනංජය සිරිවර්ධන තාවකාලික පැවිදිවිය ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඒ, මේ පිළිබඳව වීඩියෝවක් ඔහුගේ Youtube නාලිකාවට වීඩියෝවක් එක් කිරීමත් සමඟයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ධනංජය සිරිවර්ධන යළිත් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ, සිය Facebook ගිණුමෙහි සටහනක් තබමින්.

ඉන් ඔහු අවධාරණය කළේ, තමන් තාවකාලික පැවිදිවිය වැඩසටහනට තමන් එක්වූයේ ජූලි මාසයේ දී බවයි.

එහි දී ඉතා වටිනා අත්දැකීමක් ලබා නැවත පැමිණි බවත් එහි සඳහන්.

සමාජයට පණිවුඩයක් ලබා දීමේ අරමුණින්, අදාළ වීඩියෝව නිර්මාණය කළ බවයි, ධනංජය සිරිවර්ධන ප්‍රකාශ කළේ.

මේ වනවිට සුපුරුද පරිදි රංගන කටයුතුවල හා නිවේදන කටයුතුවල නිරත වන බව ද ඔහු කියා සිටියා.

“තාවකාලික පැවිදිවිය වැඩසටහනට මා එක්වූයේ ජූලි මාසයේදීය. ඉතා වටිනා අත්දැකීමක් ලබා නැවත පැමිණ එම පණිවිඩය සමාජයට ලබා දීමේ අරමුණින් එම video ව මාගේ youtube එකෙන් මුදා හැරියෙමි.

ඒ සංවාදයෙන් ඔබ යමක් ජීවිතයට එකතු කර ගත්තානම් එයයි මාගේ සතුට.

එම කාර්‍යය බොහෝ දෙනෙකු අගයකර තිබුනි. ඔවුන්ට මාගේ ස්තූතිය..

මම

නැවතත් සුපුරුදු පරිදි මාගේ රංගන කටයුතු වල හා නිවේදන කටයුතු වල නිරත වෙමි.

අප ජීවිතයේ අවසානයේ ඉතිරි වන්නේ අප ලබා ගත් අත්දැකීම් හා මතකයන් පමණි. ලද අත්දැකීම් ගැන පසුව කතා කරමු. මතකය මාතුල තබා ගමි.

ස්තූතියි !”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka