ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන ඊයේ දින පන්දුවට පහර දෙමින් සිටියදී දිනේෂ් චන්දිමාල් අනතුරකට ලක්ව ඇත.
එංගලන්ත ක්‍රීඩක මාක් වුඩ් එවන ලද පැයට කිලෝමීටර් 149ක ප්‍රබල පන්දුවක් මාපට ඇඟිල්ලේ වැදීම නිසා පිටියෙන් ඉවත් වූ දිනේෂ් චන්දිමාල් ස්කෑන් පරික්ෂාවක් සඳහා රෝහල්ගත කර ඇත.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 236ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 358ක් රැස්කරගැනීමට සමත් විය.