බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ට එරෙහිව මිනීමැරුම් නඩුවක් පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම ඔහු බංග්ලාදේශ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ද පත්වූ අයෙක්.
බංග්ලාදේශයේ පවතින විරෝධතා මධ්‍යයේ පසුගියදා සිදු කළ ඝාතනයක් සම්බන්ධයෙන් මෙසේ ඔහුට නඩු පවරා ඇත්තේ.
රෆිකුල් ඉස්ලාම් නැමැත්තා විසින් ඔහුගේ පුත් රුබෙල් ඝාතනය කළ බවටයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.
රුබෙල් රැලියකට සහභාගී වූ අවස්ථාවේදී ඔහුගේ පපුවට සහ උදරයට වෙඩි තබා ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ.
සිද්ධියෙන් පසු ඔහුව කඩිනමින් රෝහලට ගෙන ගිය නමුත්, අගෝස්තු 07 වැනිදා ඔහු මියගොස් තිබෙනවා.
ඩකාහි අඩබෝර් පොලිස් ස්ථානයට පවරා ඇති මෙම නඩුවේ 28 වැනි විත්තිකරු ලෙස ෂකීබ් නම් කර ඇති අතර, ජනප්‍රිය බංග්ලාදේශ නළු ෆර්ඩස් අහමඩ් 55 වැනි විත්තිකරු බවයි වාර්තා වෙන්නේ.
එමෙන්ම හිටපු අගමැතිනි ෂීක් හසීනා ඇතුළු තවත් 154 දෙනෙකු ද මෙම නඩුවේ විත්තිකරුවන ලෙස නම් කර තිබෙනවා.