ඇය ගොඩක් දෙනෙක් අතර කතාබහට ලක් වෙන්නේ ඇගේ සුන්දරත්වයත් රංගනයත් නිසා කිව්වොත් හරියටම හරි..
රංගන ශිල්පිනියක් විදිහට චුලක්ෂි මේ වෙද්දී දුර ගමනක් ඇවිත්.. ඒ වගේමයි ඇය නිරූපණ ශිල්පිනියක් විදිහටත් බොහෝ දෙනෙක් අතර ආදරය දිනාගත්ත තැනැත්තියක්.. මේ දිනවල චූලක්ෂි ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ මන්දාරා චිත්‍රපටත් එක්ක නේ... ඔන්න ඉතින් ඇය ඒ ගැන වගේම මේ දවස්වල වගතුග ගැන මෙන්න මේ විදිහට පුවත්පතකට අදහස් කියලා තිබුණා..
චුලක්ෂි කලා කටයුතුවලට අවතීර්ණ වුණේ කොහොමද?
මගේ ගමන ආරම්භ වුණේ නිරූපණ ක්ෂේත්‍රයෙන්. ඉන්පස්සේ 2014 miss sri lanka තරගයෙන් ජයග්‍රහණය ලැබුවායින් පසුව චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණා. මගේ ප්‍රථම චිත්‍රපටය දේදුණු ආකාසේ.
පාසල් කාලයේදීත් රංගන කටයුතුවලට සහභාගි වෙලා තියනවද?
පාසල් කාලයේ මම ක්‍රීඩිකාවක්. ඉන්පසු ක්‍රීඩා අංශයෙන් රැකියාව තෝරා ගැනීමට සිටින කාලයේ මට පැජෙන්ට් එකකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ඉන්පසුවයි කලා ක්ෂේත්‍රයට පිවිසුණේ.
මන්දාරා චිත්‍රපටිය හා එහි ඔබේ චරිතය ගැන ඔබට දැනෙන්නේ කොහොමද?
ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයේ මම රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ මන්දාරාට. ඇය පැසිපන්දු ගුරුවරියක්. මේ චරිතය මගේ ජීවිතයටත් සම්බන්ධයි. පාසල් කාලයේ දී මම ඉගෙනුම ලැබුවේ නේවාසිකව. මවුපියන්ගෙන් ඈත්ව ගත කරපු ඒ කාලය පුරාම පැසිපන්දු ක්‍රීඩාවත් සමගයි මම කාලය ගත කළේ. පවුලක තිබෙන වටිනාකම ආදරයක පෙන්වන චිත්‍රපටයක්. හරිම සුන්දර නිර්මාණයක්.
ආදරය සහ විවාහය ගැන ඔබට දැනෙන්නේ කොහොමද?
ආදරය සහ විවාහය යන වචනවල ගැඹුරු අර්ථයක් තිබෙන්නෙ. ක්ෂණිකව ඇතිවන හැඟීම ආදරය නෙවෙයි. ආදරයේදි කැපකිරීම් කරන්න ඕනෑ. එකිනෙකාට ගෞරව කරන්න ඕනෑ. විශ්වාසය රකින්න ඕනෑ. එකිනෙකා අතර අවබෝධය අවශ්‍යයි. ආදරය විවාහයක් දක්වා රැගෙන යනවා නම් දෙදෙනා තුළම මේ දේවල් තියෙන්න ඕනෑ. මවුපියන්ගෙන් දරුවන්ට ලැබෙන ආදරය තමයි හොඳම ආදරය.
කාන්තාවක් ස්වාධීන විය යුතුද?
අනිවාර්යයෙන්ම ඔව්. වර්තමානය වන විට කාන්තාව බොහෝ අංශවලින් ඉදිරියට ඇවිත් සිටිනවා. සමාජයේ කාන්තාවකට සමාන අයිතිවාසිකම් තිබිය යුතු යැයි මම සිතනවා.