gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්ලබ් වසන්ත ඝාතනයේ අනෙක් කුලී ඝාතකයා සහ තවත් පුද්ගලයෙක් පින්නවත්තේ දී අත්අඩංගුවට!

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් අත් අඩංගුවට ගත නොහැකිව සිටි  තුවක්කු කරු සහ තවත් පුද්ගලයෙකු ඊයේ  (28) සැකපිට අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල නාගොඩ සහ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි 29 සහ 32 වියැති පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කියයි.

සැකකරුවන් පානදුර පින්වත්ත ප්‍රදේශයේ රැඳී සිටින බවට පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක ට ලද තොරතුරක් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර ඇතුළු නිළධාරින් පිරිසක් පින්වත්ත බස් නැවතුමේ රැදී සිටියදී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් වෙඩිතැබීම සිදුකිරීමෙන් පසු මෝටර් රථයෙන් වෑන් රථයකට මාරුවී කඩවත දක්වා ගමන්කර එහිදී දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර දක්වා ගමන්කර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී හෙළිව ඇති බව පොලිසිය සඳහන් කරයි.

මීට දින 05කට පෙර එනම් පසුගිය 23 දා ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු වන 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ නැමැත්තා දෙහිවල පොලිස් වසමේ කවුඩාන ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගනු ලැබුවේය. එම පුද්ගලයා යුද හමුදාවෙන් පැන ආ තැනැත්තෙකි.


අද අත් අඩංගුවට පත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා අතුරුගිරිය පොලිසිය වෙත භාරදීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න ය ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර ගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක තිලකරත්න , සැරයන් ලාල් (18397), කොස්තාපල් වරුන්වන නාලක (76003), අමරජිව (80100), පුෂ්පකුමාර (82409) සහ පොකොරි කසුන් (80452) වැටලීමට එක්වූහ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka