gossip lanka

රටම හංවඩු ගැසූ ටැටූ කඩේ කොල්ලා අහිංසකයෙක්.? වසන්ත ඝාතනය කිසිවෙක් නොසිතූ අතකට හැරෙයි!

අතුරුගිරියේදී වසන්ත සුරේන්ද්‍ර පෙරේරා සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ මෙතෙක් අනාවරණය නොවූ සුවිශේෂී තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී.

මේ වන විට වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සංවිධානය කිරීම සම්බන්ධව මුළු රටේම චෝදනාවට ලක් වී සිටින්නේ එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු වූ දුලාන් සංජුල සිල්වා නැමති තරුණයා වෙතයි.

කෙසේවෙතත්, මේ වනවිට අනාවරණය වෙමින් පවතින තොරතුරු අනුව එහි විමර්ශන වෙනම මානයකට යොමු වී ඇති බව වාර්තා වෙයි.

එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු වූ දුලාන් සංජුල සිල්වා නම් පුද්ගලයා වසන්ත ඇතුළු පිරිසට එහි සමාරම්භක උත්සවය සඳහා ආරාධනා කිරීමත් ඔහුගේ බැංකු ගිණුමට ඩුබායි රාජ්‍යයේ සිට රුපියල් ලක්ෂ 10ක මුදලක් බැර වී තිබීමත් ඔහුට චෝදනා එල්ලවීම සඳහා බලපෑ මූලිකම හේතුව ලෙස හැඳින්විය හැක.

නමුත් මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකාර තරුණයා මෙම ඉතා සැලසුම් සහගත ඝාතනයේ ඉත්තෙකු වී ඇති බවත් ඔහු මෙම ඝාතනය පිළිබඳව නොදැන සිට ඇති බවත් තහවුරු විය හැකි සාක්ෂි මතුවෙමින් පවතී.

දුලාන් සංජුල සිල්වා නැමති එම ටැටූ ධ්‍යස්ථානයේ හිමිකාර තරුණයාගේ මව මත්ද්‍රව ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බලපිටිය මිගෙට්ටුවත්තේ නිලන්ති නම් කාන්තාවක් බවත් එම කාන්තාව ඩුබායිහි සැඟව සිටිනා ප්‍රකට මත්ද්‍රව ජාවාරම්කරුවන් වන ලොකු පැටි පොඩි පැටී ඇතුළු පිරිස සමඟ ඇති සම්බන්ධකම් හරහා දුලාන් සංජුල නැමැත්තා එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හැඳින ගෙන ඇති බවත් අනාවරණය වී ඇත.

එලෙස ඇති වූ හිතවත්කම් හරහා ටැටූ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ දහයක් ලබාදෙන බවට එම පිරිස මෙම තරුණයාට පොරොන්දු වී ඇති බව පැවසේ,

එම තරුණයාට රුපියල් ලක්ෂ දහයක මුදල උපකාරයක් ලෙස ලබාදී ඇති බවත්, ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා සහයෝගය ලබාදීමට තවත් සගයෙක් වන මහේෂ් ධනුෂ්ක හෙවත් ‘කෙහෙතු’ නැමැති පුද්ගලයෙක්ද මෙම තරුණයාට සම්බන්ධ කර දී ඇති බව පැවසේ.

ඔවුන් පවසා ඇත්තේ කෙහෙතු නැමති පුද්ගලයා සමග එම ව්‍යාපාරය ආරම්භ කරනා ලෙසත් පසුව එම ව්‍යාපාරයේ ලාභයෙන් කොටසක් එම පුද්ගලයාටත් ලබා දෙන ලෙසත්‍ ය.

ඒ අනුව කෙහෙතු නැමති පුද්ගලයාගේ සම්පූර්ණ මෙහෙයවීමෙන් මෙම ව්‍යාපාරයේ ආරම්භක උත්සවය සැලසුම් කර ඇති අතර ඒ සඳහා වසන්ත ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් ගෙන්වීමටත් උපදෙස් ලබා දී ඇත්තේ අදාළ කෙහෙතු නමැති පුද්ගලයා බව වාර්තාවේ.

එමෙන්ම මෙම ඝාතනය සම්බන්ධයෙන් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිනා අපරාධකරුවන් රැසක් සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
gossip lanka