gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඝාතනයට කංජිපානි සම්බන්ධ නෑ.. ටැටූ කඩේ ආරම්භ කර ඇත්තේ වසන්තට වැඩේ දෙන්නමයි

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනයට ලක්වූ ටැටූ මධ්‍යස්ථානය එම ස්ථානයේ ආරම්භ කිරීම සඳහා ‘ලොකු පැටී’ නමැති අපරාධකරුගෙන් රුපියල් ලක්ෂ 16ක මුදලක් තමන්ට ලැබුණු බව එහි හිමිකරු පොලීසියට පාපොච්චාරණය කර ඇත.

‘ලොකු පැටීගේ’ ඉල්ලීම මත තමා ක්ලබ් වසන්තට එය විවෘත කිරීමට ඇරියුම් කළ බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

දුලාන් සන්ජුල නැමති එම ව්‍යාපාරයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 07 දෙනෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු පවසා ඇත්තේ, තමන් ටැටූ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට දැඩි කැමැත්තෙන් පසුවූ බවත් ඒ සඳහා ලොකු පැටී නැමැති අපරාධකරු රුපියල් ලක්ෂ 16ක මුදලක් ලබාදී එම මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තාට ආරාධනා කරනා ලෙසට තමාට බලපෑම් කළ බවයි.

කෙසේවෙතත් තමා වසන්ත සුරේන්ද්‍ර මහතාට ආරාධනා කළේ මෙවැනි දෙයක් බලාපොරොත්තුවෙන් නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම සම්බන්ධයෙන්ද පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ දක්වා සිදුකළ පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය කිරිමේ මෙහෙයුම ඩුබායි සිටිනා ලොකු පැටී සහ ගොනා කෝවිලේ ශාන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනා එක්වී සැලසුම් කර ඇති බවයි.

පොලීසිය පවසන්නේ කංජිපානි ඉම්රාන් නමැති අපරාධකරුගේ සෘජු සබඳතාවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් පතොරම් කොපුවල සටහන් කර තිබූ KPI යන කෙටි යෙදුම හැර කංජිපාන් ඉම්‍රාන් සම්බන්ධයෙන් වෙනත් සාක්ෂි කිසිවක් අනාවරණය වී නොමැති බවයි.

මේ අතර ක්ලබ් වසන්තගේ බිරිඳගේ තත්ත්වය බරපතළ බැවින් ඇය හෝමාගම රෝහලේ සිට කළුබෝවිල රෝහලට මාරුකර යවා ඇති අතර ඇය එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ අතර කේ. සුජීවාගේ සැමියා වන නයන වාසුල නමැත්තාගේ සිරුර අද පස්වරුවේ කේ. සුජීවාගේ දියණියන් විසින් භාරගත් බව රෝහල් පොලීසිය පවසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka