gossip lanka

කේ.සුජීවාගේ තෙවන සැමියා නයනගේ දේහය සුජීවාගේ දියණියන් බාර ගනී

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් 'ක්ලබ් වසන්ත' සමඟම ජීවිතක්ෂයට පත් වූ 'නයන වාසුල' නම් අයගේ දේහය, අධිකරණ නියෝගයක් පරිදි කේ. සුජීවාට භාර දී ඇති බවත් ඇය තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන හෙයින් දේහය දියණියන් දෙදෙනා විසින් භාරගෙන ඇති බව ඊයේ (09) වාර්තා වුණා.

ඔහු අතුරුගිරිය රතුවිලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්.

නයන වාසුල සහ කේ. සුජීවා 2021 වසරේ දී විවාහ වී ඇති බවයි පසුව වාර්තා වූයේ.

එමෙන්ම මෙලෙස මියගිය නයන වාසුල මීට ඉහත හිමි නමක්ව සිටි බවත්, එකල ඔහු ප්‍රචලිතව උන්නේ "ගම්පහ මහානාම" හිමි මැයෙන් යනුවෙනුයි සමාජ මාධ්‍යයේ කතාබහ පැතිර යන්නේ.

ඒ පිළිබඳව කාගෙත් අවදානය යොමු වුණේ හිමි නමක් විසින් තබන ලද ෆේස්බුක් සටහනක් හේතුවෙනි.

කුමක් හෝ වේවා ආරාධිතයෙකු හැටියට ගොස් 'සුජීවා කෑවේ අනුන්ගේ පරිප්පුවක්' බවයි බොහෝ දෙනාගේ මතය.

තවමත් තොරතුරු හෙළිවෙමින් පවතින මේ ඝාතන සිදුවීම, සැවොම තිගැස්සූ සිද්ධියක් බවත් නොකියාම බැරිය.

පහතින් දැක්වෙන්නේ සමාජ මාධ්‍යයේ හුවමාරු වූ නයන වාසුලගේ දේහයේ ඡායාරූප කිහිපයකි.
gossip lanka