gossip lanka

“කට්ටි­යම කිව්වා ඒක විස්කි බෝත­ල­යක් කියලා හැමෝම බෝතලේ කටේ තියා­ගෙන බිව්වා” – ධීව­ර­යන් 06 දෙනා අතරින් දිවි රැක­ගත් සුමිත් කියන කතාව

මුහුදේ ධීවර කට­යු­තු­වල නිර­තව සිටි­යදී මුහුදේ පාවෙ­මින් තිබුණු බෝත­ල­යක තිබුණු ද්‍රාව­ණ­යක් මත්පැන් යැයි සිතා පානය කළ ධීව­ර­යන් 06 දෙනා අත­රින් දිවි රැක­ගත් එකම පුද්ග­ලයා වෙන්නේ සුමිත් කුමාර‍යි.

මේ එම සිදුවීම ගැන පළ කලා යැයි කියන අදහස් පුවත්පතක පළ කර තිබුණේ මෙහෙමයි.

“මුහුදේ පාවෙ­මින් තිබුණු බෝත­ලය දැක්කම කට්ටි­යම කිව්වා ඒක විස්කි බෝත­ල­යක් කියලා. පස්සේ බොහොම අමා­රු­වෙන් ඒක කට්ටි­යම එකතු වෙලා ගොඩ ගත්තා. බෝතලේ සීල් කඩල තිබ්බෙත් නැහැ. හැමෝම බෝතලේ කටේ තියා­ගෙන බිව්වා. මටත් දුන්නා. උගු­රක් බොන­කොට බඩ පපුව දන්න ගත්තා. ඒ වෙලාවේ මම අනිත් අයට කිව්වා ඕක බොන්න එපා කියලා. කවු­රුත් ඒ කියන දේ ඇහුවේ නැහැ. හොඳ­ටම බිව්වා.

පැයක් හමා­රක් යන­කොට කට්ටිය බඩ­වල් අල්ල­ගෙන කෑ ගහන්න ගත්තා. එක්කෙනා දෙන්නා මැරිල වැටෙ­න­කොට මම දැන ගත්තා බීපු බෝතලේ විස වෙලා කියලා. මම ඉක්ම­න­ටම උයන්න තියෙන පොල් ගෙඩි­ය­කින් කිරි මිරි­කලා බිව්වා. උණු වතු­රත් බිව්වා“ යැයි ගැඹුරු මුහුදේ ධීවර කට­යු­තු­වල නිර­තව සිටි­යදී මුහුදේ පාවෙ­මින් තිබුණු බෝත­ල­යක තිබුණු ද්‍රාව­ණ­යක් මත්පැන් යැයි සිතා පානය කළ ධීව­ර­යන් 06 දෙනා අත­රින් දිවි රැක­ගත් එකම පුද්ග­ලයා වන සුමිත් කුමාර හම්බ­න්තොට වරාය පොලි­සි­යට ප්‍රකා­ශ­යක් දෙමින් එසේ පැව­සුවා.

මේ වන විට ඔහු ප්‍රති­කාර ලැබී­මෙන් පසු හම්බ­න්තොට උඩ­බැ­ර­ගම සිය නිවෙසේ සිටින අතර ඔහු පොලි­සි­යට පවසා ඇති ආකා­ර­යට අනුව මුලින්ම මිය­ගොස් ඇත්තේ බෝට්ටුවේ සිටි ස්කීප­ර්ව­ර­යාය. මුලින්ම බෝත­ලය කටේ තබා­ගෙන පානය කර ඇත්තේ ද ඔහුය.

මෙම ධීව­රයා පොලි­සි­යට පවසා ඇත්තේ මුල් උගුර පම­ණක් පානය කළ තමා ඊට පසු එම බෝත­ලයේ තිබුණු ද්‍රාව­ණය පානය නොකළ බවය.

“අනිත් අය මැරිල වැටෙ­නවා මම දැක්කා. මට ජීවත් වෙන්න අව­ස්ථා­වක් ලැබෙයි ද කියලා හිතා ගන්න බැරි වුණා. මම බෝට්ටුවේ තිබ්බ රේඩි­යෝ­වෙන් ගොඩ­බි­මට පණි­විඩ දුන්නා.“ යැයි ද ඔහු පොලි­සි­යට පවසා ඇත.

මෙම ධීව­ර­යන් පිරිස තමන්ට බෝත­ලය ලැබුණු පසු එය පානය කිරී­මට පෙර සෙල්ෆි ඡායා­රූ­ප­යක් ගෙන ඇත. එම සෙල්ෆි ඡායා­රූ­පය පෙරේදා  (04) වන විට ප්‍රසි­ද්ධි­යට පත්ව තිබිණි. ඒ සම්බ­න්ධ­යෙන් හම්බ­න්තොට වරාය පොලි­සියේ උසස් නිල­ධා­රි­ය­කු­ගෙන් විම­සී­මක් කළ අතර එහිදී එම නිල­ධා­රියා පැව­සුවේ එම ඡායා­රූ­පයේ සිටින්නේ එම ධිව­ර­යන් බව තමාට ද දැන ගැනී­මට ලැබුණු බවය. එම ඡායා­රූ­පය තමාගේ ජංගම දුර­ක­ත­න­යට ද ලැබුණු බව ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කළා.
gossip lanka