තිස්සමහාරාම - සාම ගුලිය ප්‍රදේශයේ ජලය පිරවූ ගල් කොරියක ගිලී මිය ගිය දරුවන් දෙදෙනාගේ මෘත දේහයන් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.
එම ගල් කොරියේ ගිලී මිය ගිය කාන්තාවගේ මෘත දේහය සිරුර පෙරේදා (21) රාත්‍රියේ ගොඩගනු ලැබුවා.
පොලිසිය සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ 32 හැවිරිදි කාන්තාවක් සහ වයස අවුරුදු 09 සහ 14 වයස්වල පසුවන ඇයගේ දියණියන් දෙදෙනා බවයි.
පොලිසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ මව සහ දරුවන් දෙදෙනා මෙම ගල්වළේ දිය නැමට ගොස් ඇති බවත්, දියේ ගිලීමෙන් මෙම මරණ සිදුවන්නට ඇති බවට සැක කරන බවයි.