gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කේ.සුජීවා ගැන ලැබුණ ආරංචිය.. නයන වාසුලගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාත් අධිකරණයට!

ජූලි 08 වෙනිදා අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගී වූ සුරේන්ද්‍ර වසන්ත හෙවත් ''ක්ලබ් වසන්ත'' ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කෙරුණේ ය.

එම සිද්ධියට අදාළව එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු අතුරුගිරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 10 වැනිදා ඉදිරිපත් කළේ ය.

අනතුරුව ඊයේ (22) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ අනුව සැකකරුවන් අද යළිත් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණ අතර ඒ පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සහිතව ය.

එමෙන්ම, අතුරුගිරිය පොලීසිය සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි 21 හැවිරිදි සැකකාරිය ද අද අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

ඒ නීති කෘත්‍ය කැඳවනු ලැබුවේ කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය ඉදිරියේ දී ය.

සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන වාර්තාවක් අතුරුගිරිය පොලීසිය විසින් එම අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එමෙන්ම පොලීසිය අධිකරණයට සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටින ගායන ශිල්පිණී කේ.සුජීවාගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගත් බව යි.

තවද මියගිය ක්ලබ් වසන්තගේ සහ ගායන ශිල්පිනී කේ.සුජීවාගේ සැමියා වන නයන වාසුලගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාද පොලීසිය අද අධිකරණයට ඉදිරිපත් කළේ ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka