gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කපා කොටා මරා දැමූ ත්‍රිරෝද රියැදුරුගේ මළසිරුර දත් රෝහල ඉදිරිපිට ත්‍රිරෝද රියක් තුළ...

තියුණු ආයුධවලින් අමානුෂික අන්දමින් කපාකොටා ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළසිරුරක් කොළඹ වෝඩ් පෙදෙසේ දන්ත රෝහල ඉදිරිපිට කළු පැහැති ත්‍රිරෝද රථයක් තුළ තිබී සොයාගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.

ඊයේ (23 වැනිදා) අලුයම 1.00 ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව පොලිසිය එම මළ සිරුර සොයා ගෙන ඇත.

මෙලෙස ඝාතනයට ලක් වී තිබුණේ ගොඩකවෙල, බලවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී. චමින්ද කුමාර නමැති 33 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරකු බවට හඳුනාගෙන ඇත.

මොහු අතුරුගිරිය ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන්ගෙන සිටිමින් ත්‍රිරෝද රථ රැකියාවේ හා තවත් රැකියා කීපයකම නිරත වී ඇතැයි හෙළිවූ බවද පොලිසිය පවසයි. ත්‍රිරෝද රථ රියැදුරන් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි ද යතුරුපැදිවලින් හා ත්‍රිරෝද රථවලින් පැමිණි පිරිසක් විසින් මෙම ඝාතනය කරන්නට ඇතැයි ද පොලිසිය සැක කරයි.

අපරාධය සිදු වූ ස්ථානය අවට සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කරමින් සිටින බව ද පොලිසිය පවසයි.

අදාළ ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සිදු කළ සොයා බැලීමේදී එය මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් එකක් බවට අනාවරණය වී තිබේ. අනතුරුව එම පුද්ගලයාගෙන් කරුණු විමසීමේ දී ඔහු පවසා ඇත්තේ මියගිය පුද්ගලයා තම මස්සිනා බවය.

සිය ත්‍රිරෝද රථය මියගිය තම මස්සිනාට හයර් දිවීම සඳහා ලබා දී තිබූ බව ද හෙතෙම කීය. එම පුද්ගලයා විසින් ඝාතනයට ලක්ව සිටි තම මස්සිනාගේ සිරුර කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී මෘත ශරීරාගාරයේදී හඳුනාගන්නා ලදි.

ඝාතනයට අදාළව ඊයේ සවස් වනතුරුත් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.

කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාඔරුන්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විජේරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් වන බණ්ඩාර, ලක්මාල් සහ ධනුෂ්ක ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka