gossip lanka

‘සල්ලි ඉස්සරහා මිනිස්සුන්ට කොහෙද එතික්ස්, ඒ විශ්වාසය කඩකරන එක එයාලගේ තීරණයක්’ එක රැයින් රටම ඇන්දූ, වස්ති අනුෂ්කගේ වෙඩිම!

ඊයේ දවසේ ‘වස්ති අනුෂ්ක’ගේ විවාහය බොහෝ දෙනා අතර කතාබහට ලක් වූ එකක් බැව් ‘රහසක්’ නෙවෙයි. ඒ නමුත් බොහෝම ඉක්මණින් මේ ‘විවාහය’ අමූලික බොරුවක් (කොටින්ම මවාපෑමක්, මිනිස්සුන්ව අමු අමුවේ ඇන්දවීමක්) බැව් තහවුරු වෙනවා.

මාස ගණනකට පසු ‘වස්ති’ කණ්ඩායම ඔවුන්ගේ ‘හාස්‍ය’ මුසු වීඩියෝවක් සඳහා ‘විවාහයක්’ (ජීවිතේ අතිශය වැදගත් මොහොතක්) යොදාගැනීම බොහෝ රසිකයින්ගේ අප්‍රසාදයට හේතු වෙලා තිබුණා. (අනෙක් අතට, තමන් හා ‘කටකතා’ නිර්මාණය වුණු නිළියවම ‘වස්ති අනුෂ්ක’ මේ සඳහා යොදාගන්නවා)

‘වස්ති අනුෂ්ක’ගේ විවාහය ‘සැබෑවක්’ බැව් විශ්වාස කළ බොහෝ දෙනෙක් ඔහුට ‘සුබ පතන්නට’ත්, විවිධාකාර වූ ‘සටහන්, ඡායාරූප’ පළ කරන්නත් අමතක කර තිබුණේ නෑ.

කොහොම වුණත් ‘වස්ති’ලාගේ මේ වැඩේට ‘ට්‍රවල් විත් වයිෆ්’, ‘කෝණාර’ වැනි යූටියුබයේ ජනප්‍රියතම අයිතම කිහිපයක් සහ ‘සුපර් ස්ටාර්’ රන්ජන් රාමනායක ද එක්ව සිටියා.(මේ පිරිස ද වීඩියෝව ජනප්‍රිය කරවන්නට විවිධ දේ සිදු කර තිබුණා.)

මේ වෙනකොට ‘වස්ති අනුෂ්කගේ විවාහය’ සම්බන්ධ ‘ප්‍රෝඩාව’ බොහෝමයක් පිරිස් තදින්ම විවේචනය කරමින් ඉන්නවා.

මේ අපිට මුහුණු පොතෙන් හමුවුණු එවැනි ම වූ පෝස්ට් කිහිපයක්,

මිනිස්සු, තමන් කරන දෙයක් නිසා නම ප්‍රසිද්ධ වුණාම, ඒ මිනිස්සුන්ට තමන් හදාගත්ත ‘නම’ විකුණන්න අයිතියක් තියෙනවා. ඒ ‘විකිණීමෙදි’ කොච්චර දුරට තමන්ගේ රසිකයන්ට අසාධාරණයක් කරනවද නැද්ද කියන එක තමන්ගේ තීරණයක්. හැබැයි මං දැඩිව විස්වාස කරන දෙයක් තමයි celebrity කෙනෙක් කවදාවත් රසිකයන්ගේ හිතේ තමන් වෙනුවෙන් ගොඩනැගුණු විස්වාසය කඩ කරන්න හොඳ නෑ කියන එක. ඒ විස්වාසය කඩ කරන එක ඉතින් එයාලගේ තීරණයක්. ඒත් ඒක තමන්ගේ දිගුකාලීන පැවැත්මට නරක විදියට බලපාන්න පුළුවන්.
මගේ මිතුරෙක් වන Sandaru කියලා තිබුණා මෙහෙම..
“සල්ලි ඉස්සරහා මිනිස්සුන්ට කොහෙද එතික්ස් !
හැබැයි විශ්වාසය කියන්නේ මිනිහෙකුට එකවරක් විකිණිය හැකි දෙයක් විතරයි. කවදාවත්ම දෙවරක් විකුණන්න බෑ. වටිනාකම ශුන්‍යය වෙනව.
අපි හැමෝම දැක්කේ ඒ අළෙවිය තමයි.”
(ප.ලි: හැබැයි මේක ඇත්තටම වුණ wedding එකක් වෙන්නත් පුළුවන්. ඒ wedding එක ගැන කතා වෙන සීරියස් දේවල් වහන්න මෙහෙම පොඩි ඇඩ් එකක් කරා වෙන්නත් පුළුවන්. ඒවා ඉතින් දන්නේ ඔය celebrity ලම තමයි.)
~ රන්දුනු

වස්ති අසාර්ථකද?
සමහර දේවල් තියනවා පොතෙන් පාඩම් කරලා ඉගෙනගෙන කරන්න බැරි දේවල්, මේකත් ඒ වගේ එකක්. අනුශ්කගේ wedding එක advertisment එකක් කියලා කව්රුත් හිතුවේ නෑ(මමද ඇතුලුව)
මොකද ඒක ඒ තරම් හොදට plan කරලා තිබ්බා.
ඉස්සෙල්ලාම අනුශ්කට ඕන උනේ මේක හැමෝටම පිලිගන්න පුළුවන් විදියට social media වලට යවන එක ඒකට තමයි Travel with wife use කලේ photo එක public දාන්න.
ඊට පස්සේ ලක්ශ ගානක් දීලා වත් කරගන්න බැරි විදියේ promotion එකක් අපිම හදලා දුන්නා. මොකද අනුශ්ක හැමතැනම කියලා තිබ්බේ මම බදින්නේ නෑ මට කෙල්ලෝ හරියන්නේ නෑ වගේ කතා.
අනුශ්කගේ wedding photo එක දාලා ටිකකින් රන්ජන් ගෙන් “මම සටන පාවා දෙන්නේ නෑ මල්ලි” කියලා පෝස්ට් එකක් ආපු එක පවා plan කරලා තිබ්බ දෙයක්.
ඇත්තටම මෙතන Strategy එක තව signature shirt දෙක තුනක් වැඩියෙන් විකුනගන්න එකම නෙමෙයි. Brand awareness එකක් හදන්න. මේක සෑහෙන්න ගානක් වියදම් කරපු advertisement එකක්. මම හිතන්නේ ඒක සාර්ථකයි.
මේ industry එකේ වැඩ කරන කෙනෙක් විදියට මේක දාන්නම හිතුනා, මොකද මේ වගේ plan කරපු advertisement එකක් කාලෙකින් දැක්කේ.
-දිනුක ගමගේ-
gossip lanka