gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලෝක කුසලාන ඇරඹුමේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලොකු අවුලක!

අමෙරිකාවේ ෆ්ලොරීඩා නුවර සිට නිව්යෝර්ක් දක්වා පැමිණි විශේෂ ගුවන් යානය ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකා, අයර්ලන්ත සහ දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා සහ අයර්ලන්ත ක්‍රීඩකයින්ට නිව්යෝර්ක් දක්වා පැමිණීම සඳහා පැය හතකට ආසන්න කාලයක් ගුවන් ගමන ප්‍රමාද වී තිබෙනවා.

සිකුරාදා රාත්‍රී 8.00 ට නිව්යෝර්ක් වෙත පැමිණීමට නියමිතව තිබූ අතර, අනතුරුව පසුදා උදෑසන 5 ට පමණ දැඩි ප්‍රමාදයකින් යුක්තව පැමිණ තිබෙන අතර මේ හේතුව නිසා රී ලංකා කණ්ඩායමට උදෑසන පිතිකරණ පුහුණු සැසිය අවලංගු කිරීමට ද සිදුව ඇති බ්වවටයි වාර්තා වන්නේ.

එමෙන්ම හෙට පැවැත්වෙන දකුණු අප්‍රිකා තරගයට පෙර අද උදෑසන පැවැත්වීමට සැලසුම් කර තිබූ අවසන් පුහුණු සැසියද අවලංගු කර තිබෙනවා.

එමෙන්ම , තරගය පැවැත්වෙන පිටියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දී ඇති හෝටලයට පැමිණීමට පැය එක හමාරක පමණ කාලයක් වැය වන බවයි වාර්තා වන්නේ.

මේ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙවර 20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සහභාගී වන පළමු තරගය දකුණු අප්‍රිකාව සමග හෙට පැවැත්වීමට නියමිතය.a
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka