gossip lanka

කඩුවෙන් කේක් කපා මිතුරන්ටත් කවා ටික්ටොක් වැඩ පෙන්වූ තරුණයා කරගත් දේ! තාත්තාගේ මෝටර් රථයේ බොනට්ටුව උඩ තබා කේක් කපලා!

උපන් දින කේක් ගෙඩියක් මෝටර් රථයේ බොනට්ටුව මත තබා කඩුවකින් කපා සිය 22 වැනි උපන් දිනය සමරා මිතුරන්ට සංග්‍රහ කර එම දර්ශන ටික්ටෝක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරනය කලේ යැයි කියන තරුණයෙක් මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලදාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම මුවර්ස් වීදියේ තරුණයෙකු බවත් ඔහු මන්නාරම ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු බවත් පොලීසිය පවසනවා.

කේක් කැපීම සඳහා භාවිත කර ඇති මෝටර් රථය මොහුගේ පියාට අයත් බවත් සඳහන්.

සිය උපන්දින කේක් ගෙඩිය මෝටර් රථයේ බොනට්ටුව උඩ තබා එය කඩුවකින් කපා සිය මිතුරන්ට කවා එහි ජංගම දුරකථනයකින් වීඩියෝ කර ඒවා ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම දර්ශණ දැකීමෙන් ඒ ගැන විමර්ශනයක් ආරම්භ කර මෙම තරුණයා හඳුනාගෙන ඔහු අපරාධවලට සම්බන්ධවූවකුද යන්න සම්බන්ධව තොරතුරු අනාවරණය කර ගැනීමට මෙලෙස මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කේක් ගෙඩිය කැපීම සඳහා යොදාගත් කඩුව සොයා ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වන බවත් සඳහන්.
gossip lanka