gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දරු පවුල එක්ක සංගීත බලන්න ගිහින් අනියම් සැමියා එක්ක ජවුසම් නැටූ බිරිඳට වැඩ වරදියි: දරුවන්ගේ යහපත සඳහා සැමියාට ගත යුතු පියවරත් කියයි

වයස අවුරුදු 15ක් සහ 10ක් වන තම දරුවන් දෙදෙනා සහ වයස අවුරුදු 4ක් වන ගැහැණු දරුවා මෙන්ම සිය සැමියා සමග තිරප්පනේ ප්‍රදේශයේ සංගීත සංදර්ශණයක් නැරඹීමට ගොස් සිටි කාන්තාවක් ප්‍රසංග භූමියේදී සැමියාගෙන් සහ දරුවන්ගෙන් ඈත් වී තම අනියම් සැමියා සහ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු සමග මත්පැන් පානය කර වේදිකාව ඉදිරිපට නර්ථනයේ යෙදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පියාට බිරිඳගෙන් නඩත්තු මුදලක් ඉල්ලා අධිකරණය හමුවේ නඩු පවරන ලෙස පරිවාස නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

පසුගියදා ඇතිවූ මෙම සිද්ධියෙන් පසු කැකිරාව පරිවාස නිලධාරී කාර්යාලයට පැමිණ ඇති එම පියා එහි සිටි ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරී කරුණා කීර්තිරත්න වෙත පවසා ඇත්තේ තමාට සහ තම බිරිඳට අවුරුදු 10ක පිරිමි දරුවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 4ක ගැහැණු දරුවෙකු සිටින බවත් තම බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමග අනියම් සබඳතාවක් පවත්වමින් සමීප ඇසුරක් පවත්වන බවත් පසුගිය දිනක සංගීත ප්‍රසංගයක් බැලීම සඳහා සිය දරුවන්ට අවශ්‍ය බව කියූ නිසාවෙන් තම බිරිඳ සමග එය නැරඹීමට ගිය බවත් එහිදි අදාල සිදුවීම තම දරුවන් මෙන්ම තමාද දුටු බවයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී බිරිඳ එළෙස නර්ථනයේ යෙදී ඇත්තේ මත්පැන් පානය කිරීමෙන් බව තමාට වැටහී ගිය බවත් කෙසේ නමුත් දරුවන්ගේ අනාගතය ගැන සිතා බිරිඳට අවවාද කර ඇය සමග තවදුරටත් විවාහ දිවිය ගෙවීමට තමන් සූදානම් බවත් ඒ සඳහා අවශ්‍ය පරිසරය සකසා දෙන ලෙසත් ඉල්ලා තිබෙනවා.

එම පියාගේ දුක් ගැනවිල්ල ගැන අවධානය යොමු කරමින් පරිවාස නිලදාරීවරයා අදාල කාන්තාව සිය කාර්යාලයට ගෙන්වා ඇයගෙන් මෙම චෝදනා ගැන විමසීමේදි ඇය පවසා ඇත්තේ සිය සැමියා තමන්ට හා තම දරුවන්ට කෑම, බීම මෙන්ම ඇඳුම් පැලඳුම් නොදෙන නිසා දරුවන් තිදෙනා අතහැර දමා නිවසින් පිටව රැකියාවක් සිදු කිරීමට තමන්ට අවශ්‍ය බවයි.

මෙම ප්‍රකාශයත් සමග මෙම පවුල පදිංචිව සිටින නිවසර පරික්ෂා කිරීමට පරිවාස නිලදාරිවරයා ලෙගාස් ඇති අතර එහිදි දක්නට ඇත්තේ ඔවුන්ට අංග සම්පූර්ණ නිවසක්, ගොයම් කපන යන්ත්‍රයක් සහ විශාල ප්‍රමාණයේ ලොරියක්ද ඇති බවයි.

එමෙන්ම මෙවර අක්කර 20ක කුඹුරු යායක වී වගා කර ඇතැයිද බිරිඳ විසින් පැවූ කරුණු සියල්ල අසත්‍ය බවද හෙලිව තිබෙනවා. තවද ඇයට අවශ්‍යව ඇත්තේ සැමියා සහ බිරිඳ අතහැර අනියම් සැමියා සමග ජීවත් වීමට බවත් පරිවාස නිලදාරීවරයාට වැටහී තිබෙනවා.

මේ හේතුවෙන් අදාල නිලධාරිවරයා සැමියාට උපදෙස් ලබා දී ඇත්තේ දරුවන් දමා තම ආශාවන් වෙනුවෙන් අනියම් සැමියා සමග ජීවත්වීමට නිවසින් පිටව යන බිරිඳගෙන් දරුවන් සඳහා නඩත්තු මුදලක් ඉල්ලා අධිකරණය හමුවේ නඩු පවරන ලෙසයි.

ඒ අනුව පරිවාස නිලදාරිවරයා අදාළ පියාව කැකිරාව නීති ආධාර කොමිසම වෙත යොමුකර ඇතැයිද සඳහන්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka