gossip lanka

ක්‍රීඩාලෝලීන්ගේ සිහින බොඳ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ගං වතුරක් කරපු හදියක්!

20-20 ලෝක කුසලානයේ දුර්වලතම තරගාවලි පරාජයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඔවුන්ට තවත් ඇත්තේ එක් තරගයක් පමණක් ක්‍රීඩා කිරිමටයි.

ඒ නෙදර්ලන්තය සමගයි.ඒ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී ශාන්ත ලුසියා හීදීයි.


මේ අතරම අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රදේශයට බලපා ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව සිටි අතර පවතින අයහපත් කාලගුණය හමුවේ ෆ්ලෝරිඩා නුවරින් පිටත්ව යාමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතරම ෆ්ලොරීඩා හී ජලගැලීම් හා දැඩි වර්ෂාපනය හමුවේ ගුවන් ගමන් වාර රැසක් අවලංගු වී තිබෙනවා.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට සිදුවී ඇත්තේ අද දිනයේ දී සිදුවන බවටයි එරට ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
gossip lanka