gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සහකාරියගේ අමුතු සුදුසුකමක් ඉල්ලූ මනාලයා... "කපු ඉතිහාසයේ මෙවැනි කොන්දේසියක් දැමූ, පළමු අවස්ථාව මේ වෙන්න ඇති..." සියනෑ කෝරලයෙන් ඇහෙන අමුතුම කතාවක්!

ජාති කුලමල ආගම් ගැළපෙන අයුරින් තමන්ට තෝරන සහකාරිය සම්බන්ධයෙන් අමුතුම ආකාරයක සුදුසුකමක් ඉල්ලූ බවට පැවසූ තරුණ මනාලයකු පිළිබඳ පුවතක්  සියනෑවට නුදුරු ගම්මානයකින් වාර්තා වෙනවා.

ඉහළ තනතුරක් දරන තරුණ පුත්‍රයා වෙනුවෙන් මනාලියක සෙවීමේ කටයුත්ත පියා පැවරුවේ කපු මහතකුටය.

තමන් බලාපොරොත්තු වන ලේලියගේ තිබිය යුතු සුදුසුකම් සම්බන්ධයෙන් පියා කපු මහතා දැනුවත් කරමින් සිටිය දී තරුණ පුත්‍රයා ද ඊට මැදිහත් වූයේ ය.

කපු මහතා ඇමැතූ තරුණ පුත්‍රයා ප්‍රකාශ කළේ ''කපු මහත්තයා තාත්තා කියපු කරුණු කාරණා ටික හරියට බලන්න. ඒ වගේම මට හොයන සහකාරිය කොරෝනා එන්නත් ගත්තෙ නැති කෙනෙක් වෙන්නත් ඕනෑ. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙලා සොයා බලන්න'' පුත්‍රයා කපු මහතාගෙන් ඉල්ලා සිටිය දී පියා පුදුමයට පත්වූයේය.

''ඇයි පුතා එහෙම'' පියා පුතුගෙන් විමසුවේ ය.

''තාත්තෙ අද කාලේ ඒක මට ඉතාම වැදගත් සුදුසුකමක් වෙනවා. ඒකයි මම එහෙම කිව්වේ'' පුත්‍රයා කපු මහතා ඉදිරියේම පියාට පැවසීය.

තමන්ගේ වසර ගණනාවක් පැරණි කපු ඉතිහාසයේ මෙවැනි කොන්දේසියක් දැමූ පළමු අවස්ථාව බැවින් බුදුන් සමයේ කිසිවකු නොමැති නිවසින් අබ මිටක් ගෙනෙන්න කිව්වා සේ මේ කපු මහතා මනාලියන්ගේ නිවෙස්වලට යමින් කොරෝනා එන්නත් ලබා ගෙන ඇත්දැයි විමසීමට ක්‍රියා කරන බව දැනගන්නට ලැබිණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka