gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“කොළඹ එද්දි නතර වෙන්න තැනක් තිබ්බෙ නෑ… රෑට කන්න අතේ සතයක් නෑ… රඟපෑවට සල්ලි දුන්නෙත් නෑ..” – සංජය

රියලිටි තරඟාවලියකින් ක්ෂේත්‍රයට ඇවිල්ලා අද වෙද්දේ ක්ෂේත්‍රය තුළ විවිධ නිර්මාණ හරහා ප්‍රසිද්ධ වුණු ආදරණීය කලාකරුවෙක් තමයි සංජය මුර මුදලි කියන්නේ.  ඔහු වර්තමානයේ විවිධ චරිත වලින් කරළියට ආවත් මේ දිනවල වැඩි වශයෙන් ඔහු දකින්න ලැබෙන්නේ ලලයි ලිලයි ලයි ටෙලිනාට්‍යයේ ජෙමිනි කියන චරිතයෙන්.

ඉතින් සංජය කලාවට ආවට පස්සේ මුලින්ම ඔහුට රඟපාන්න අවස්ථාවක් උදාවුණේ නැහැ. ඔහු කැමරාව පිටුපස ඉඳන් තමයි දෙවන සහ අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කටයුතු කරලා රංගනයට අවතීර්ණ වෙන්නේ.

ඕනෑම කලාකරුවෙකුට ඔහුගේ ජීවිතය දුෂ්කර කාල පරිච්ඡේදයක් තියෙනවා.ඉතින් සංජයටත් ඒ විදිහට ගත කරපු කටුක දුෂ්කර අතීතයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔහු කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“කොළඹ එනකොට නතර වෙන්න නෑදෑ හිත මිතුරෝ හිටිය නෑ වියදම් කරන්න මුදල් තිබුණෙ නැහැ. සමහර දවස් තිබුණා රෑට කෑම එක ගන්න සල්ලි නැති අවස්ථා.ඒ වගේම හරියට නිදාගන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. අපි වේදි නාට්‍ය කලා අවුරුදු පහක් විතර ඇති වෙනකම් කට්ට කාලා අව්වට කරවෙලා නිදිමරලා මහන්සි වෙලා වැඩ කරා.සමහර තැන් වල චූටින් ගියහම සල්ලි දෙන්නෙත් නෑ. ඒක දුෂ්කරම කාලයක් මම වේදිකාවේ පුංචිම තැනින් පටන් අරන් සෑම අංශයකම වැඩ කළා. ඒ දේවල් වලින් මම මගේ ජීවිතේට වගේම ක්ෂේත්‍රයටත් ලොකු පන්නරයක් ගත්තා.කොහොම නමුත් එදා කාපු කට්ට අද පට්ට රහක් විදිහට තමයි මට දැනෙන්නේ.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka