gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මීවනපලාන "රමණී" මරුවා ළඟට ගෙන ගියාද ? ඇඟ කිළිපොලා යන ඝාතනයේ සුල මුල හෙළිවෙයි

හොරණ මීවනපලාන සිරිල්ටන් වත්ත ප්‍රදේශයේ නිවසකදී ඊයේ (11) අළුයම කාන්තාවකගේ මලසිරුරක් හමුවී තිබෙනවා.

එම කාන්තාවකගේ ගෙලට තියුණු ආයුධයකින් පහරදී ගෙල කපා නිදාසිටි ඇඳ මතම ඝාතනය කර ඇති බවයි හොරණ පොලිසිය පැවසුවේ.

අදාළ කාන්තාව බංගලාදේශ ජාතික පුද්ගලයෙකු සමග විවාහ වී සිටින අතර මීට සති තුනකට ඉහතදී අදාළ කාන්තාව සිය නැගණිය නිවසට ගෙන්වාගෙන වාසය කර තිබෙනවා.

ඒ අනුව පෙරේදා (10) රාත්‍රී හතයි තිහට පමණ අදාළ කාන්තාවන් දෙදෙනා නින්දට ගොස් ඇති අතර අළුයම් කාලයේ නිවසට පැමිණි මුහුණු ආවරණය කරගත් දෙදෙනකු මියගිය කාන්තාවගේ නැගණියගේ දෙඅත් ගැටගසා කටට රෙදි පාංකඩ ඔබා කාමරයේ සිර කර තිබෙනවා.

අනතුරුව මියගිය කාන්තාව නිදා සිටි කාමරයට ගොස් ඇයගේ ගෙල කපා සැකකරුවන් පලා ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

පසුව මියගිය කාන්තාවගේ නැගණිය ගැට ගසා තිබූ දෙඅත් පිටින්ම අසල්වැසි නිවසකට සිය සහෝදරිය ඝාතනය කර ඇති බව පවසා තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 57 හැවිරිදි වියෙහි පසුවූ කාන්තාවක්.

මියගිය කාන්තාවගේ කාමරයේ තිබූ අල්මාරියද කඩා රෙදි පිළි එළියට ඇද දමා තිබූ අතර අදාළ පුද්ගලයින් මෙම ඝාතනය කුමක් අරභයා සිදු කළේ ද යන්න සොයා පොලිසිය විමර්ශන ක්‍රියාත්මකයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka