gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩිල්ෂාන්ට මිනිස්සු කිව්වනේ තමුසේ දැන් සමුගන්නවා කියලා, මාවන් බින්දු 5ක් ගැහුවා - පැරදුනාම ක්‍රිකට් කණ්ඩායම විවේචනය කරපු ඩිල්ෂාන්ට සහ මාවන්ට හරීන් ඇප නැතිවෙන්න කියයි (VIDEO)

ලෝක කුසලාන තරගාවලියේ මුල් තරග දෙක පරාජය වුවද තවත් ලකුණු දහයක් පහළොවක් තිබුණේ නම් ඒ දෙකම දිනා ගැනීමේ අවස්ථාව තිබූ බව ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට පෙර ඇෆ්ගනිස්ථානය හා බංගලදේශය සමඟ වූ තරගාවලි දෙකම ජයග්‍රහණය කළ බවද පැවසූ ඔහු එහිදී කිසිත් නොකියු අය අද තරග දෙකක් පැරදුනු පසු අම්මා මුත්ත නැති වෙන්න බැන වදින බවද කියා සිටියේය.

 ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ සහභාගි වන සුපිරි කණ්ඩායමක් බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් ක්‍රිකට් කණ්ඩායම තේරීමේදී තමන් කිසිදු මැදිහත්වීමක් සිදු නොකළ බවද ඔහු පැවසුවේ  කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජාතික කණ්ඩායමෙන් හැලුනු ඇතැම් ක‍්‍රීඩකයන් සමාජ මාධ්‍ය අල්ලාගෙන සහෝදර ක‍්‍රීඩකයන්ට මඩ ගසන බවත් ඔහු එහිදී තව දුරටත් පැවසුවේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka