gossip lanka

"සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමූ" - දුම්රිය අනතුරින් මිය ගිය සැමියාගේ වියෝව දරාගනු නොහැකිව බිරිඳ ද අවසන් ගමන් යයි

පසුගිය 8 වනදා එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ සිදුවූ මාරක දුම්රිය අනතුරින් හැමෝටම මතක ඇති.

මේ අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජිවිතයෙන් සමුගත්තා.

කැලණියේ පමුණුවිල ගෝනවල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි ලියනගේ කැළුම් තුෂාර සිල්වා නමැති දෙදරු පියත් ඒ අතර වුණා.

සිය දයාබර සැමියාගේ හදිසි වියෝවෙන් බරපතළ ලෙස කම්පාවට පත්වී දරාගත නොහැකි කම්පනය හේතුවෙන් ඔහුගේ බිරිද වන ලියන මොහොට්ටිගේ රසෝමා හසන්ති කබ්‍රාල් මහත්මිය හදිසියේම ඇතිවූ හර්ද්‍යාබාධයකින් කොළඹ පෞද්ගලික රෝහලකදී මියගොස් තිබෙනවා.

සැමියාගේ දේහය නිවසට ගෙන ඒමෙන් පසුව ඇය ඒ අසළ සිට මහත් කම්පාවෙන් තමා ද පැමිණෙන බව පවසා ඇත.

සැමියාගේ දේහය පිලිබදව අවසන් කටයුතු සිදු කිරීමටද පෙර ඊයේ දහවල් එකොළහට පමණ පපුව රිදෙන බව පැවසූ බැවින් කඩිනමින් ඇයව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇති අතර අවාසනාවන්ත අයුරින් ඇයද අවසන් ගමන් ගොස් ඇත.
gossip lanka