gossip lanka

කුවේට් ගින්නෙන් මියගිය ගණන හතළිස් නවයක් දක්වා ඉහළට!

අද එනම් බදාදා (12) අලුයම දකුණු කුවේටයේ මන්ගාෆ් නගරයේ කම්කරුවන් වාසය කරන ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් ඉන්දියානුවන් කිහිප දෙනෙකු ඇතුළු පුද්ගලයන් 49 දෙනෙකු මිය ගොස් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇති ආකාරයට මියගිය පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙක් කේරළ, තමිල්නාඩු සහ උතුරු ඉන්දීය ප්‍රාන්තවල පුද්ගලයන් වන අතර ඔවුන් වයස අවුරුදු 20 සිට 50 දක්වා වූ අයයි.

කම්කරුවන් ලෙස සේවය කළ 160 කට ආසන්න පිරිසක් එම ගොඩනැගිල්ලේ වාසය කළ බව වාර්තා වල සඳහන් වන අතර අද අලුයම ගින්න හටගන්නා විට ගොඩනැගිල්ලේ සිටි සියල්ලන්ම නිදා සිටි නිසා බොහෝ මරණ සිදුවී ඇත්තේ දුම් ආඝ්‍රාණය වීමෙන් බව එරට නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

කුවේටයේ දකුණු අහමදි ප්‍රදේශයේ මන්ගාෆ් හි පිහිටි මෙම ගොඩනැගිල්ලේ පහළ මහලක කුස්සියක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

අමායා උඩුවැරැල්ල
gossip lanka