gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ඒක වුණේ බ්‍රේක් නැති නිසාද? ගහන්න අමතක වෙලාද?” පස් දෙනකු රෝහලට යැවූ මාකුඹුරේ අනතුරේ ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව!

කොට්ටාව - මාකුඹුර අධිවේගී මාර්ග හුවමාරු බස් නැවතුම්පොළේදී ඊයේ උදෑසන සිදු වූ අනතුරකින් පස් දෙනකු තුවාල ලබා තිබෙනවා.

පෞද්ගලික බසයක් නැවතුම්පොළ කඩාගෙන ධාවනය වී මෙම අනතුර සිදු වී තිබුණා.

බස් රථය බස් නැවතුම්පොළට ඇතුල් කිරීමට උත්සාහ දැරීමේදී බසයේ තිරිංග ක්‍රියා විරහිත වී රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ගොඩනැගිල්ලේ ගැටී නතර කර තිබූ තවත් බස් රථයක හැපීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

එහිදී පාදුක්ක- පිටකොටුවේ බස් රථයේ ගමන් ගත් මගීන් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔහුන් රෝහලගත කිරීමට කටයුතු කර තිබෙනවා.

අනතුරින් බස් නැවතුම්පොළට දැඩි ලෙස අලාභ හානි සිදුවී ඇති අතර, බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත්බවයි පොලීසිය සඳහන් කළේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka