gossip lanka

"අත්දැකීම් ගැන හිතලා ඔබ සංචිතයට තෝරා ගන්නවා නම් ,ඒකට වටිනාකමක් දෙන්න" - තුන් ඉරියව් ක්‍රීඩකයකුට හිටපු ක්‍රීඩකයකුගෙන් දැඩි අවවාදයක්!

20-20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව අවමන් සහගත පරාජයක් ලබා ගත්තා.

මේ අතර බංග්ලාදේශය දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට ලක් වීම බංග්ලාදේශයට එදිරි ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ට අස්වැසිල්ලක් වුණා.

මේ කියන්න යන්නේ දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්වුණ බංග්ලාදේශ කණ්ඩායමේ ශකිබ් අල් හසන්ට සහ එම කණ්ඩායමේ ක්‍රීඩකයින්ට විශාල පහරක් වදින්නට ඉන්දීය සුපිරි ප්‍රහාරාත්මක ක්‍රීඩකයකු වූ විරේන්ද්‍ර ශෙවාග් දක්වපු අදහසක් ගැන.

ශකිබ් සහ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් පන්දුවට පහර දුන් ආකාරය විවේචනය කළ ශෙවාග් පවසා තිබුණේ ඔබලා බංග්ලාදේශ ක්‍රීඩකයින් පමණක් බවයි.

“ඔබේ අත්දැකීම් ගැන හිතලා ඔබ ලෝක කුසලාන සංචිතයට තෝරා ගන්නවා නම් , ඒකට වටිනාකමක් දෙන්න.

ඔබ අවම වශයෙන් ක්‍රීස් එකේ යම් කාලයක් ගත කළ යුතුයි.

ඔබ ඇඩම් ගිල්ක්‍රිස්ට් හෝ මැතිව් හේඩන් නොවේ.ඔබලා බංග්ලාදේශ ක්‍රීඩකයෝ, ඒ විදිහට ක්‍රීඩා කරන්න.
gossip lanka