gossip lanka

සුපිරි වටයට යන්න බැරි වුණත් අවසන් තරගය දිනලා ලංකාවට එනවා - මහීෂ් තීක්ෂණ

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් දැක්වූ දක්ෂතා පිළිබඳව කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සඳහන් කරයි.

කණ්ඩායමක් විදිහට ගොඩක් වැරදීම් සිදුවුණ බවත් එනිසා සුපිරි අටදෙනාගේ වටයට යාමට නොහැකි වු බවද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මහීෂ් තීක්ෂණ මේ බව සඳහන් කරයි.

මහීෂ් තීක්ෂණ තවදුරටත් සදහන් කළේ,

” අපි තරගාවලියට එද්දි හොඳ මානසිකත්වයත් තිබුණා. අපේ පන්දු යවන්නේ හොඳට කරලා තිබුණා. පන්දුවට පහරදෙන්නන් හොඳට කරලා තිබුණා අන්තිම තරගාවලීන් තුනේම. අපි ගොඩක් ඉස්සරහින් හිටියා තරගාවලියට එද්දි.

මම හිතනවා ගොඩක් වැරදීම් වුණා කණ්ඩායමක් විදිහට. ඒ නිසා අපිට සුපිරි 08ට යන්න බැරි වුණා. ලොකුවටම දකින්නේ අපේ පිතිකරණයේ වුණ දේවල්. කන්ඩිෂන්වලට හැඩ ගැහුනේ නැති එක තමයි ලොකුම වැරැද්ද කියලා මම හිතනවා.”

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව එළඹෙන (17) වනදා ශාන්ත ලුෂියා හිදී පැවැත්වීමට නියමිතව ඇත.
gossip lanka