gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බිරිඳගේ ත්‍රීරෝද රථයෙන් අනියම් බිරිඳ හමුවීමට යන අතරමග දී, නෙත ගැටුණු තවත් තරුණියකටත් හදි කරලා

බිරිඳගේ ත්‍රීරෝද රථයෙන් අනියම් බිරිඳ හමුවීමට යන අතරමඟදී අවිවාහක තරුණියකට ලිංගික අතවර කළ බව කියන යුද හමුදා සෙබලෙකු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැකිරාව වැඩබන මහේස්ත්‍රාත් ‍සෙනරත් බංඩාර මහතා නියෝග කර තිබෙනවා.

ගල්කිරියාගම පොලිසිය මඟින් සැකකාර සෙබලා අත්අඩංගුවට ගෙන ඊයේ අධීකරණයට ඉදිරිපත් කරනු ලැබිණ.

සැකකරු අදාළ තරුණියට ලිංගික අතවර කිරීමට යොදා ගත් බව කියන ත්‍රීරෝද රථයක් ද මෙහිදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණ.

විවාහක දෙදරු පියෙකු වන සැකකාර හමුදා සෙබලා සිය බිරිඳට අයත් බව කියන ත්‍රී රෝද රථයකින් ඔහුගේ අනියම් බිරිඳගේ නිවසට යමින් සිටින අතරමඟදී මෙම තරුණීය පැහැරගෙනත්‍රීරෝද රථය තුලදී ලිංගික අතවර සිදුකර ඇතැයි පොලිසිය කියයි.

මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලැබී පැය 07ක් වැනි කෙටි කාලයක් තුළදී එම සැකකාර යුද හමුදා සෙබලා හා ඒ සඳහා යොදා ගත් ත්‍රී රෝද රථය අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබීම විශේෂත්වයකි.

සැකකරුගේ පැහැර ගැනීමට ලක්වූ තරුණිය එම අවස්ථාවේ ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයෙන් ඉවතට පැනීම හේතුවෙන් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි ද ඇයගේ තත්වය බරපතල බවද පොලිසිය කියයි.

සැකකාර යුද හමුදා සෙබලා මෙලෙස පැහැර ගෙන ඇත්තේ පලාගල බමුණුගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක් වන අවිවාහක තරුණීයකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka